කෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍යංශයෙන් නිවේදනයක්!

0
807

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ (LNW):

කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ මේ වනවිට පවතින අධික වර්ෂා තත්ත්වය යටතේ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය දන්වමිනි.

එම නිවේදනයේ සඳහන් පරිදි, වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් ඔවුන්ගේ සේවා ස්ථානවල රැඳී සිටිය යුතු අතර, මේ වන විට නිවාඩු ලබා සිටින එවැනි නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරෙන බවද සඳහන් වේ.