රතු මුහුදේ සංචාරක බෝට්ටු ඛේදවාචකය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

රතු මුහුදේදී පුද්ගලයින් 44 දෙනෙකු රැගත් සංචාරක බෝට්ටුව පසුගිය සඳුදා ගිලී යාමෙන් පසු අතුරුදන් පිරිස් බේරාගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, අනතුරට ලක්වූ සංචාරක බෝට්ටුවේ සිටි අතුරුදන් පස් දෙනෙකු සොයා ගැනීමට සහන කණ්ඩායම් වලට හැකිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රතු මුහුදේ සෝදිසි මෙහෙයුමේදී ඊජිප්තු ගලවාගැනීම්කරුවන් විසින් ඊයේ මළ සිරුරු හතරක් හා දිවි ගලවා ගත් පස් දෙනෙකු සොයා ගෙන ඇති අතර, මේ වන විට එහි සිටි පුද්ගලයින් 33 දෙනෙකු බේරාගෙන ඇත. ඊයේ සවස වන විට තවත් හත් දෙනෙකු අතුරුදහන් ව සිටි බව වැඩිදුරටත් වාර්තා වේ.

මහල් හතරකින් යුත් නවීන යාත්‍රාවේ මගීන් 31 දෙනෙකු හා කාර්ය මණ්ඩලය 13 දෙනෙකු සිට ඇති අතර එය මාර්සා අලාම් අසලදී විශාල රළකට හසු වී පෙරළී ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැනමා රජය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පැනමාවේ ඇති...

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...