වසර 100කට පසු අධිකතම හිම පතනය දකුණු කොරියාවෙන්

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු කොරියාවේ සෝල් අගනුවරට වසර 100කට පෙර වාර්තා අභිබවමින් දැඩි හිමපතනයක් ඇතිව ඇති බව වාර්තා වේ.

දකුණු කොරියානු කාලගුණ විද්‍යා ඒජන්සියට අනුව, අද(27) උදැසන පෙරවරු 7 වන විට සෙ.මී. 16.5 (අඟල් 6.5) හිම පතනයක් වැටී ඇති අතර එය 1972 නොවැම්බර් 28 වන දින සෝල් හි පෙර වාර්තාව වූ 12.4 සෙ.මී.වාර්තාව ඉක්මවා තිබේ.

හිම කුණාටුව හේතුවෙන් රට පුරා ගුවන් තොටුපළවල අවම වශයෙන් ගුවන් ගමන් 220 ක් පමණ අවලංගු කර ඇති අතර ජනාධිපති යූන් සුක් යෙයෝල් රථවාහන අනතුරු සහ හිම ආශ්‍රිත අනෙකුත් සිදුවීම් වැළැක්වීම සඳහා පවතින සියලුම අදාළ පිරිස් සහ උපකරණ බලමුලු ගන්වන ආරක්ෂක සහ ප්‍රවාහන අමාත්‍යාංශවලට නියෝග කර තිබේ.

ජාතික කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කර තිබුණේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බ්‍රහස්පතින්දා දහවල් වනතුරු හිම පතනය පවතිනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම,...

රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයකට විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයට (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයක්...

ගුවන් තොටුපොලේ තදබදය අඩුකරන්න රජයෙන් අලුත් විසඳුමක් ?

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින මගී තදබදය අඩුකිරීම...