සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 27: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : හොංකොංහි තායි පෝ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණයක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් 44 දෙනෙකු නිල වශයෙන් මරණයට පත්ව තවත් 279 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
පුද්ගලයින් 45 දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බව වාර්තා වන අතර ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 800 කට වැඩි පිරිසක් කටයුතු කරමින් සිටියි.
මේ වන විට සිදුවීම හා සම්බන්ධයෙන් ඉදිකිරීම් සමාගම් විධායක නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර හොංකොං ගිනි නිවන දෙපාර්තමේන්තුව මෙම ගින්න පස්වන මට්ටමේ අනතුරු ඇඟවීමක් ලෙස වර්ගීකරණය කර ඇත.
ඛේදවාචකයේ පරිමාණය තවමත් මතුවෙමින් පවති.