ඉම්රාන් ඛාන් ඝාතනය කර ඇති බවට පැතිරයන කටකතා අසත්‍ය බව ආඩියාලා බන්ධනාගාරය කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 27: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ආඩියාලා බන්ධනාගාරය තුලදී ඝාතනය කර ඇති බවට පැතිරයන වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බව ආඩියාලා බන්ධනාගාරය නිවේදනය කර තිබේ.

ඊයේ(26) දිනයේදී පකිස්ථාන සමාජ මාධ්‍ය හරහා ඊයේ දිනයේදී තම සහෝදරයා හමුවීමට අවසර ඉල්ලා රාවල්පිණ්ඩිහි අඩියාලා බන්ධනාගාරය (Adiala Jail) ඉදිරිපිට රැස්ව සිටි ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් තිදෙනාවන නෝරීන් ඛාන්, අලීමා ඛාන් සහ උස්මා ඛාන් යන අයට හා පාකිස්ථාන තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ ආධාරකරුවන්ට පොලිසිය විසින් බිහිසුණු ලෙස ප්‍රහාර එල්ල කිරීමත්, ඉම්රාන් ඛාන් ඝාතනය කර ඇති බවට සැක කෙරෙන බවට සමාජ මාධ්‍ය හරහා පැතිරයාමත් සමඟ බන්ධනාගාර නිලධාරීන් මෙම නිවේදනය ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් හා අඩියාලා බන්ධනාගාර බලධාරීන් විසින් හිටපු අග්‍රාමාත්‍යවරයා අඩියාලා බන්ධනාගාරයෙන් මාරු කිරීම පිළිබඳ වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත්, ඔහු යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත්, පතිරයන් කටකතා පදනම් විරහිත බවත්, වෛද්‍ය ප්‍රතිකාර දිගටම ලැබෙන බවට මහජනතාවට සහතික වී ඇත.

2022 අප්‍රේල් මාසයේදී විශ්වාසභංග යෝජනාවක් හරහා ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු දූෂණ චෝදනාවල සිට ත්‍රස්තවාදී චෝදනා දක්වා නීතිමය නඩු රැසකට මුහුණ දෙමින් ඉම්රාන් ඛාන් 2023 අගෝස්තු මාසයේ සිට සිරගත කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල හෙට!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : හෙට (13) ‘Rebuilding...