මහඔය පහත්බිම් ප්‍රදේශවලට අධි ගංවතුර අවධානමක් – රතු නිවේදන නිකුත් කරයි!

Date:

කොළඹ LNW:මහඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉදිරි පැය 48 තුළ මහ ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට අධි ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

එම කාලය තුළ අලව්ව,දිවුලපිටිය, මීරිගම,පන්නල, වෙන්නප්පුව,මීගමුව, කටාන, නාරම්මල (මරදගොල්ල ග්‍රාම නිලධාරී කොට්ඨාසය) සහ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට අධි ගංවතුර තත්ත්වයක් ඇති විය හැකියි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මෙම අනතුරු ඇඟවීම එළඹෙන 29 වැනිදා පෙරවරු 08.00දක්වා වලංගු වේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ලේ නායේ යෑම් වලින් මිය ගිය ගණන 11 දක්වා වැඩි වෙයි. තවත් 07ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන...

ඉම්රාන් ගැන සැක සහිත අවාසනාවන්ත පුවත් පැතිරෙන රාවල්පිණ්ඩි හී දී සටන් වදින්නට වී තිබෙන ශ්‍රී ලංකාව..

නිශ්මං රණසිංහ නොවැම්බර් 27, කොළඹ LNW: පකිස්තානයේ පැවත්වෙන පකිස්තානය,ශ්‍රී ලංකාව...

දඬුවමට ලකුණු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW : ඔන්ලයින් දඩ ගෙවීමේ...