මම ආණ්ඩුකාර තනතුරක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. දකුණට කැමතියි – ජෝන්

Date:

තමන් පළාත් ආණ්ඩුකාර ධුරයක් බලාපොරොත්තුවෙන් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වන, හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

“මට දැනට දීලා තියෙන්නෙ ජනාධිපති උපදේශක තනතුරක්. ඊට අමතරව මම නම් බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුකාර තනතුරක්. ඒක දෙනවායි කියලා පොඩ්ඩක් ප්‍රචාරය වෙලා තිබුණා. ලබන මාසයේ ක්‍රියාත්මක කරනවායි කියන එක තමයි කියන්නේ. කරන්න ඕනෙ දේ කරන්න ඕනෙ වෙලාවට කරන නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. කරුමෙට තමයි ගිය සැරේ ඔක්කොම නැතුව ගියේ. නමුත් ඒ නැතුව ගිය ඒවා ඔක්කොම එකපාර ලැබුණා නෙ. හිතාගන්නත් බෑ අපට තවම. නැත්නම් ඉතින් එක්සත් ජාතික පාක්ෂිකයින් හැටියට අපට යන එන මඟක් නැතුව යනවා. මම නම් කැමතියි දකුණු පළාත වගේ තැනක්. වජිර අබේවර්ධන මහත්තයා කිව්වා එන්න කියලා දකුණට, එහෙ සේවය කරන්න ලේසියි කියලා. කොළඹ හරි පටළැවිලි නෙ තියෙන්නෙ නේද ? ආරවුල් නෙ ?”

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියානු සාගර වෙරළබඩ රාජ්‍ය සන්ධානය පිහිටුවීම සඳහා අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : ඉන්දියානු සාගර වෙරළබඩ...

නව නිවාස ඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක්!

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : රාජගිරිය , ඔබේසේකරපුර,...

පෞද්ගලික අංශයේ අවම වැටුප ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : 2026 ජනවාරි පළමු...

හරිනිට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් දින දෙයි!

කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂය...