දේශගුණික අර්බුද වලින් විපතට පත් රටවලට චීනය ද ආධාර කළ යුතුයි – ගෝර්ඩන් බ්‍රවුන්

Date:

පසුගිය සතියේ නිමා වූ Cop27 ‌එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදී අවසාන පැය කිහිපය තුළ ආන්තික කාලගුණයේ බලපෑමෙන් පීඩා විඳින දුප්පත් රටවල් සඳහා අරමුදලක් ගෙවීමට ධනවත් රටවල් එකඟ විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් රාජධානියේ හිටපු අගමැති ගෝර්ඩන් බ්‍රවුන් ප්‍රකාශ කර තිබුණේ, චීනය විශාල වශයෙන් හරිතාගාර වායු විමෝචනය කිරීමත්, ධනවත් රටක් වීමත් හේතුවෙන් කාලගුණික විපත්වලින් පීඩාවට පත් රටවලට ආධාර කළයුතු බවයි.

එය ගෙවන්නේ කෙසේද යන්න පිළිබඳ කිසිදු නිර්ණායකයක් මේ වන විටත් නොමැති හෙයින්, හිටපු අගමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ පරිත්‍යාගශීලීන්ට ගෙවීමට ඇති හැකියාව සහ හරිතාගාර වායු විමෝචනය සඳහා වන ඓතිහාසික වගකීම මත පදනම්ව දේශගුණ මූල්‍ය සඳහා දායක විය යුතු ක්‍රියාකාරී සැලැස්මක් මීළඟ වටයේ දේශගුණික මූල්‍යකරණයේ ආරම්භක ලක්ෂ්‍යය විය යුතු බවයි.

1992 දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතිය යටතේ චීනය සහ සෞදි අරාබිය, කටාර්, කුවේට් සහ රුසියාව වැනි සමාන රටවල් ඕනෑම අරමුදලකට පරිත්‍යාග කරන්නන් වෙනුවට ලබන්නන් ලෙස සැලකේ. මෙම තත්වය වෙනස්විය යුතු බව ප්‍රකාශ කරන හිටපු අගමැතිවරයා ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ තවමත් ඉහළ යන වායු විමෝචනය අවම කර ගැනීමටත්, ඔවුන් නිසා දුක් විඳින අඩු ආදායම්ලාභී රටවලට උපකාර කිරීමටත් අරමුදල් සැපයීමටත් ඔවුන් මැදිහත් විය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් චීනයේ ඉහළම දේශගුණික නිලධාරි Xie Zhenhua පවසා තිබුණේ ආන්තික කාලගුණික තත්ත්වයන්ගෙන් චීනය බොහෝ දුක් විඳ ඇති බවත්, ස්වේච්ඡා පදනමින් අවදානමට ලක්විය හැකි රටවලට උදව් කර ඇති බවත්, මූල්‍ය ආධාර සැපයීම පිළිබඳ වගකීමක් චීනයට නොමැති බවත්ය.

සශාකලා මධුෂාණී_ අවුට්බවුන්ඩ් ටුඩේ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...

නැවත ඉරානයට බෝම්බ හෙලීමට දෙවරක් නොසිතන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයට යුරේනියම් සැලකිය...