සාෆිගේ දුවට ඒ නමයයි ….

Date:

මම A, නමය ගත්ත අයට සුබ පතන්නේ නෑ. මොකද A නමය ගත්‍ත ළමයින්ට වඩා ඉන්නෙ C නමයක්වත් ගත්ත නැති ළමයි නිසා. විශේෂයෙන්ම A, නමයක් ගන්නවා කියන එක පදනම් වෙන්නෙ දෙමාපියන්ගේ ආර්ථික හා සමාජ තරාතිරම උඩ නිසා.

හැබැයි මම සාෆිගේ දුවගේ A, නමයට සුබ පතනවා. මොකද සාෆිගේ දුව කියන්නෙ කිසිම ළමයෙකු ජීවිතයේ මුහුණ දිය යුතු නැති අවාසනාවන්ත කම්පනයන් විශාල ප්‍රමාණයකට මූණ දීලා ඒත් සාමාන්‍ය පෙල A, නමය ගත්ත අබියෝගවලට අබියෝගකල දරුවෙක් නිසා.

ලංකාවේ වැඩිම ලකුණු ගත්ත ළමයගේ A, නමයට වඩා සාෆිගේ දුවගේ A නමය එක්සලන්ට්. මොකද ඒක නිකම්ම නිකම් A, නමයක් විතරක් නෙමේ ඒක ගෝත්‍ර වාදී රතනලාට වීරවංශලාට එරෙහිව ගහපු දරුණු කනේපාරක්.

සාෆිගේ දුව ගියේ කුරුණෑගල මලියදේවයට. ඒක ඉස්ලාම් පාසලක් නෙමේ. සිංහල බෞද්ධ පාසලක්.

මුලින් සාෆිගේ දුව කිසිම ප්‍රශ්ණයක් නැතිව අනිත් ළමයි එක්ක සහෝදරත්වයෙන් ඉගෙන ගත්තා.මොකද පොඩි උන් ගාව ලොකු උන් ලඟ තියෙන කුණුවෙලා ඕජස් ගලන ගෝත්‍රවාද නැති නිසා.

නමුත් ගෝත්‍ර වාදීන් අවුලපු වර්ගවාදී ගින්නෙන් පැය විසිහතරක් ඇතුලත සියල්ල කනපිට හැරුනා.

සාෆිගේ දුවට අනිත් ළමයි විතරක් නෙමේ අනිත් ළමයින්ගේ දෙමාපියන් පවා ගුරුවරු පවා වඳ දොස්තරගෙ දුව කියලා අපහාස කරන්න පටන් ගත්තා.

දවසක් මාස් ශුද්දිය හැදුන ළමයෙකුට සාෆිගේ දුව සනීපාරක්ෂක තුවායක් දුන්න වරදට ඇය වඳ පෑඩ් බෙදනවා කියලා ඉස්කෝලේ පුරාම බීෂණයක් පතුරවව්ව.

ඒ කාලේ ඔවුන්ට ජාතිවාදීන්ගෙන් පනබේරගෙන කුරුණෑගල ඉන්ට බැරි තත්වයක් උදා උනා..ඒ නිසා කොළඹට ගියා..කොළඹත් ඉන්ට බැරිඋනා..ඊළඟට කල්මුනේට ගියා..
මේ වඳ සැත්කම් කතාව පට්ට පල් බොරුවක් කියලා හොඳින්ම දන්න අපේ රටෙ ආචාර්ය මහාචාර්ය වෛද්‍ය වරු කියන ගෝත්‍ර හැත්ත මේ කතාව පරම සත්‍යයක් කියලා ප්‍රසිද්ධ මාද්‍යයටත් ඇවිත් විද්‍යාවෙන් පැහැදිලි කරලා දෙන්ටත් හැදුවා.

ඇත්තටම මේ දරුවාගේ කතාව ජාතියක් විදියට අපි කොතනද ඉන්නෙ කියන එක අපිටම යලි යලිත් පසක්කර දෙන්නක්. හරියට බාල චන්ද්‍රන්ගෙ කතාව වගේ…

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...