*
Friday, March 29, 2024
spot_img

Latest Posts

මම ජනතා මුදල් තඹ සතයක්වත් හොරකම් කර නෑ, ඒක රටම දන්නවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් රාජ්‍ය මර්ධනය, රාජ්‍ය මිලේච්ඡත්වය, ජනතා අයිතිය හා මිනිසුන්ගේ නිදහස අවහිර කිරීම, මානව අයිතීන් උල්ලංඝනය කිරීම සඳහා උත්සාහ කරමින් සිටින බවත් එය ඔවුන්ගේ ජාතික න්‍යායපත්‍රයේ ඉහළටම ගෙන ඒමට උත්සාහ කරන බවත් පාර්ලිමේන්තුවේදී පවා පොදුජන අරගලයක් පැමිණියහොත් ආරක්ෂක අංශ උපයෝගී කර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කර ගෙන මර්දනය කළත් ඒ සඳහා බිය වීමට කිසිදු අවස්ථාවක සූදානම් නොමැති බවත් පුරවැසියන් වුවත් නිවටයන් ලෙස නොව නිර්භීතව, අභීතව කටයුතු කරන නිසා මේ මර්දනයන්ට කිසිදු අවස්ථාවක බිය නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමගි ජන බලවේගයේ මීගමුව ආසන බලමණ්ඩල රැස්වීම අතිවිශාල අති විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පෙරේදා (26) පැවැත්වුණු අතර විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ එහිදී ය.

මහ පාරේ උද්ඝෝෂණයක් හෝ සාමකාමී පාගමනක් යාමට අවසර ගත යුතු බවට ආණ්ඩුව පැවසුවත් ආණ්ඩුව කියන ඒ දේට ඉහළින් උත්තරීතර නීතියක් පවතින නිසා ආණ්ඩුවේ මිලේච්ඡ බාධාකිරීම්වලට අභියෝගයක් එල්ල කරමින් නුදුරේදීම දශලක්ෂ ගණනින් ජනතාව සමඟ පාරට බහින බව විපක්ෂ නායකවරයා එහි දී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

ජන බලයෙන්, ජන සවියෙන් සාමකාමීව ආණ්ඩුවේ මිලේච්ඡත්වය පරාජය කරන බවත් කිසිදු අවස්ථාවක රාජ්‍ය දේපල, නිවාස හෝ වෙන යම් දෙයක් විනාශ කිරීමක් සිදු නොකරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී කයිවාරු ගහන ඒ පුද්ගලයන් ජනතාව ඉදිරියේ කට වහන් ඉන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරන නිසා බවත් පැවසීය.

එසේ ම නුදුරු දිනක දී ජනතාවගේ මතය කතිරයෙන් පළ කිරීම සඳහා අවස්ථාවක් ලැබෙන බවත් ඒ අවස්ථාවේ දී මේ විකෘති ආණ්ඩුව ගෙදර යවා ජනතාවගේ ආණ්ඩුවක් සමගි ජන බලවේගය බිහි කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එමෙන් ම කාදිනල් තුමාට ලිඛිත පොරොන්දුවක් හරහා කිසිදු වාදයක් භේදයක් නොමැතිව, බලපෑමක් නොමැතිව දේශීය හා ජාත්‍යන්තර විනිවිධභාවයෙන් යුත් පරීක්ෂණයක් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පවත්වා ඊට වැරදිකරුවන් වූ අයට තරාතිරම නොබලා දඩුවම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේය.

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ සියලු දෙනාට යුක්තිය සාධාරණත්වය ඉටු කිරීම වෙනුවෙන් ඇප කැප වන බව පැවසූ විපක්ෂ නායකවරයා, ඇතැමුන් තමන්ට විරුද්ධව අවලාද සහ මඩ ප්‍රචාර දියත් කරන බවත් ඒවාට තමන් කිසිවිටකත් නොසැලෙන බවත් පැවසීය. මේ රටේ ජනතාවගේ මුදල් මංකොල්ල කෑ හොරුන් අද තමන්ට විරුද්ධව අවලාද නගමින් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා,ආගමික සිද්ධස්ථාන ගොඩ නැංවීම වෙනුවෙන් මුදල් වියදම් කිරීම මුදල් මංකොල්ලයක් ලෙස ඔවුන් සලකන බවද පැවසීය.

තමන් ප්‍රේමදාසගේ පුතා බව නැවත සිහිපත් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, තමන් ජනතාවගේ මුදල් තඹ සතයක් සොරකම් නොකළ බව මුළු රටම දන්නා බවත් අවධාරණය කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan