*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

ප්‍රංශ තරුණයා තවත් පරිනතයි

ගෙවුණු 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සූරයන් බවට පත් වුණේ ප්‍රංශය.ඒ සඳහා ප්‍රංශය වෙනුවෙන් සුවිශේෂි දායකත්වයක් දුන් කිලියන් මබාපෙ එම තරගාවලියේ හොඳම යොවුන් ක්‍රීඩකයා සේ සම්මානනීය වුණා.ඒ වන විට ඔහුට අවුරුදු 20 යි.මෙවර ඔහු ඇවිත් ඉන්නෙ ප්‍රංශයට දිනා ගත් කිරුළ රැක දෙන්න කැපවෙන්න.ඔහු මෙවර ප්‍රංශය ජයගත් තරග දෙකේදීම පෙන්වූයේ ඉකුත් තරගාවලියේ දුටුවටත් වඩා පරිනත හැකියාවක්.ඩෙන්මාර්කයට එරෙහිව ලැබූ ජයත් සමඟ ප්‍රංශය සහභාගි වූ තරග ද්විත්වයම ජයගෙන ගෝල හයකුත් එකතු කරගෙන ඉන්නවා.ඉන් හරි අඩක් වූ ගෝල තුනකම හිමිකාරයා මබාපෙ.

දෙවන තරගයේ ඩෙන්මාර්කය කරට කර සටනක් දෙමින් එල්ල කරපු පීඩනය ඉදිරියේ මබාපෙ ලබා ගත් ගෝල දෙක වඩා අපහසු ඒවා සේ නොපෙණේ.එහෙත් එහි තිබූ ඉතාමත් ක්ෂණිකව තීරණය ගැනීමට සහ නිවැරදිම එල්ලයට පහර හැසිරීම දක්වා විශාල සේ ඔහු පරිනතව සිටින බව පැහැදිළි කරා.එසේම පන්දුවේ ගමන කියවමින් නිවැරදිව ස්ථානගතවීමට ඇති හැකියාවද මෙහිදි දකින්නට ලැබුණා.ඒ සියල්ල සමඟ ඩෙන්මාර්කය පළ කරමින් ප්‍රංශය ඉඟි කළේ ඔවුන් පහසුවෙන් තමන් අතර තිබෙන ලෝක කුසලානය වෙන කෙනෙකුට පවරා දීමට සූදානම් නැති බවයි.

මේ අතර ආර්ජන්ටිනාව ලද අනපේක්ෂිත පරාජයෙන් පසුව දෙවන තරගය සඳහා මෙක්සිකෝව මුණ ගැසුණා.තමන්ව පරාජය කළ සවුදි අරාබියට වඩා හොඳ කණ්ඩායමක් වන මෙක්සිකෝව හමුවේ දී පෙර තරගයේ සැහැල්ලුවට වෙනුවට දැඩි බරක් සහිතව ක්‍රීඩා කළ ආර්ජන්ටිනාව ඇතින් යම් යම් අතපසුවීම් වුව ද,විශ්වාසය වර්ධනය කර ගනිමින් ක්‍රීඩා කරන්නට වුණා.ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක දේව මණ්ඩලයේ මඩෝනාට පසු දෙවැන්නා සේ ඇදහීමක් සේ ආදරය කරන ලයනල් මෙසි ආර්ජන්ටිනාව වෙනුවෙන් පළමු ගෝලය ලබා ගත්තා.එය පළමු අර්ධය නිමාවන තෙක්ම ගෝල් නොමැතිව ගෙවුණු තරගයට දෙවන අර්ධයේ 64 වන මිනිත්තුවේදී එකතු කරන්නට මෙසීට හැකියාව ලැබුණා.ආර්ජන්ටිනාව මෙම තරගයේ ලැබූ දෙවන ගෝලය ලබා ගත්තේ එන්ෂෝ පර්නැන්ඩස්.ඒ 87 වන විනාඩියේදී වාර්තා වුණා.

ආර්න්ටිනාව රැස් කළ ගෝල දෙකට පිළිතුරු ලෙස මෙක්සිකෝව එකඳු ගෝලයක් හෝ ලබා ගත්තේ නැහැ.මේ නිසා පෝලන්තය සමඟ තරගයේදී ජය පැරුදුම විසඳා ගන්නට අසම්ත් වූ මෙක්සිකෝව තමන් සිටින සි කාණ්ඩයේ අවසාන ස්ථානයට පත් වි තිබෙනවා.ඊයේ සවුදි අරාබියට එරෙහිව ලද ගෝල 2-0 ක ජයත් සමඟ පෝලන්තය ලකුණු 4 ක් ගෙන පෙරමුණ රැඳෙන අතර සවුදි අරාබියාව සහ ආර්ජන්ටිනාව එම කාණ්ඩයේ දෙවන තැන සිටින්නේ ලකුණු 3 බැඟින් ලබා ගෙනයි.

ඊයේද මෙවර තරගාවලියේ ජය පැරුදුමෙන් තොරව නිමා වන තරග ගොන්නට තවත් තරගයක් එකතු වුණා.ඒ එංගලන්තය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර තරගයයි.එහිදී දෙපිළම කිසිඳ ගෝලයක් වාර්තා කරේ නැහැ.ඕස්ට්‍රේලියාව මෙවර තරගාවලියේ පළමු ජය වාර්තා කළ ඒ ටියුනීසියාවට එරෙහිව ගෝල 2- 0 ක් ලෙසයි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan