*
Friday, May 17, 2024
spot_img

Latest Posts

ලංකාවට එකතු වෙන බලශක්ති කේෂ්ත්‍රයේ ප්‍රධානතම ආයෝජනයක් ගැන කියන කංචන!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (27) දිනයේ, චීන රජයට අයත් සයිනොපෙක් සමාගම විසින් හම්බන්තොට තෙල් පිරිපහදුව ඉදිකිරීමට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ, මෙම යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් අනතුරුව එහි ගිවිසුම් අත්සන් කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිත බවයි.

සයිනොපෙක් සමාගම විසින් හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත තෙල් පිරිපහදුව, අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක ආයෝජනයක් වන අතර ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් හෙට (28) දිනයේ සිදුකිරීමට අපේක්ෂා කරන බව කංචන විජේසේකර අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ,

“හම්බන්තොට නව පිරිපහදුවක් වෙනුවෙන් පිලාස කැඳවීම් කටයුතු කළා. ඒ අනුව අධ්‍යයන කටයුතු අවසන් කරලා තෝරාගැනීමට ලක්කරා. තෝරා ගැනීමට ලක්කරේ සයිනොපෙක් සමාගම. මේ සමාගමට අවශ්‍ය ගිවිසුම් ගතවීම් වෙනුවෙන් කැබිනට් මණ්ඩලයට අනුමැතියට දැන් ඉදිරිපත් කරලා තියෙනවා. පසුගිය බදාදා කැබිනට් අනුකමිටුව සඳහා අනුමැතිය ලබාදීලා තියෙනවා. එන සඳුදා න්‍යාය පත්‍රයේ අවසාන තීන්දුව වෙනුවෙන් යොමුකරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අඟහරුවාදා වෙනවිට මේ පිළිබඳව නිල වශයෙන් ගිවිසුම් ගත වීමේ කටයුතු කරන්න. මෙය ලංකාවට එකතු වෙන බලශක්ති කේෂ්ත්‍රයේ ප්‍රධානතම ආයෝජනය බවට පත්වෙයි. අඩුම තරමේ අපි බලාපොරොත්තු වෙනවා අමෙරිකානු ඩොලර් බිලියන 4.5 – 5ක ආයෝජනයක් සමග අපනයනය කේන්ද්‍ර කරගත් අපේ රටේ අවශ්‍යතාවයන්වලටත් ආයෝජනයක් බවට පත්වෙන්න.” ලෙසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan