මෙවර බුකර් ත්‍යාගය අයර්ලන්ත ලේඛක පෝල් ලින්ච් ට!

0
170
Irish writter Paul Lynch and Booker Prize 2023 shortlisted author poses with his specially bound book copy "Prophet Song" on the red carpet upon arrival for the Booker Prize Award announcement ceremony, at the Old Billingsgate, in central London, on November 26, 2023. (Photo by Adrian DENNIS / AFP) (Photo by ADRIAN DENNIS/AFP via Getty Images)

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
මෙවර බුකර් ත්‍යාගය දිනා ගෙන ඇත්තේ අයර්ලන්ත ලේඛක පෝල් ලින්ච් ඔහුගේ පස්වන නවකතාව වන Prophet Song සඳහා ය.

එය කුරිරු පාලනයකට බැස යන අයර්ලන්තයක් පසුබිම් කර ගෙන නිර්මාණය වූවකි.

මෙම ජයග්‍රහණය හමුවේ ලින්ච්ට පවුම් 50,000 ක ත්‍යාගය පිරිනැමීමට ගත් තීරණය සාකච්ඡාමය කාලයක් වැය කරමින් සහ පැය හයක් පමණ පැවති ඡන්ද වටයකින් විසඳා ගත් බවත් බුකර් ත්‍යාගය සඳහා දෙවරක් කෙටි ලැයිස්තු ගත වූ කැනේඩියානු නවකතාකරුවෙකු වන එඩුගියන් පැවසීය.

ලින්ච්ගේ ජයග්‍රහණය පැමිණෙන්නේ ප්‍රාථමික පාසලකින් පිටතදී ළමයින් තිදෙනෙකුට තුවාල සිදු කළ පිහි ඇනුමකින් පසු මධ්‍යම ඩබ්ලින් පුරා ප්‍රචණ්ඩ විරෝධතා පැන නැගී දින කිහිපයකට පසුවය. මෑත සිදුවීම් විනිසුරුවන්ගේ තීරණයට බලපෑවේදැයි ඇසූ විට එඩුගියන් පැවසුවේ සාකච්ඡාවල යම් අවස්ථාවක මේ පිළිබඳ කතා කළ බවත් මෙම නිර්මාණය “සැබවින්ම ප්‍රබන්ධ කෘතියක්” ලෙස සරලව ඔවුනට හැඟුණ බවත් ය.

දේශපාලන ගැටුම් පිළිබඳ නවකතාවක් බුකර් ත්‍යාගය දිනාගත් පිට පිට දෙවැනි වසර මෙය වන අතර 2022 දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ෂෙහාන් කරුණාතිලක මෙම ජයග්‍රහණයට හිමිකම් කීය.

ලින්ච්ගේ බුකර් ත්‍යාගය පිරිනැමීම සිදු කර ඇත්තේ ද ඉකුත් වසරෙහි ජයග්‍රහණය ලත් ෂෙහාන් කරුණාතිලක විසිනි. එය ලාංකීය අපිට සුවිශේෂී සංදිස්ථානයක් වනු ඇත.