සටහන – නිශ්මං රණසිංහ
කොළඹ (LNW): ඔලිම්පික් සහ පැරා ඔල්ම්පික් ක්‍රිඩා උළෙලවල් සඳහා බාධාවක් වන ආකාරයේ යුඳ ගැටුම්වලින් වැළකී සිටිය යුතු බවට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව සම්මත වී ඇත.ඊට වෙනස් අදහසක් දක්වමින් රුසියාව මෙම යෝජනාව සම්මුතියෙන් සම්මත කර ගැනීමට යෝජනා කළ අතර එහිදී රුසියාවට කළ හැකි වූයේ සිරියාව සමඟ ඡන්දය දීමෙන් වැළකී සිටීම පමණක් වන අතර පක්ෂව ඡන්ද 118 ක් ලැබිණි.
මෙම යෝජනාවෙන් පැවසෙන්නේ ඔලිම්පික් සහ පැරා ඔල්මිපික් උළෙලවල් ඇරඹීමට දින හතකට පෙර සටන් කටයුතු නැවත්වීම සිඳු විය යුතු අතර එම උළෙලවල් නිමා වී දින හතක් නිමාවන තෙක් නැවතත් ගැටුමක් ඇති නොවිය යුතු බවයි.ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ අදාළ පුද්ගලයින්ට ආරක්ෂිතව ගමන් කිරීම, ප්‍රවේශය සහ සහභාගීත්වය සහ නැවත් පැමිණීමේ ආරක්ෂාව සහතික කරන ලෙස සාමාජික රටවලින් මෙම යෝජනාව හරහා ඉල්ලා සිටීමට කටයුතු කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ පැරිස් 2024 සංවිධායක කමිටු සභාපති ටෝනි එස්ටන්ගුට් අඟහරුවාදා නිව් යෝර්ක් හි පැවති රැස්වීම අමතමින් කියා සිටියේ ක්‍රීඩා උළෙල “අපව බෙදන දේට වඩා අපට පොදු දේ පෙන්වයි. වර්තමාන සන්දර්භය තුළ, අපි කවුරුත් දන්නා ගැටුම් සහ ආතතිය, අපට කවරදාටත් වඩා දැන් ක්‍රීඩාව අත්‍යශ්‍යය වි ඇති බව පෙන්වයි” යනුවෙන් පැවසීය.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බැච් ද ඊට සමානම අදහසක් දරමින් වාර්තාකරුවන්ට පැවසුවේ මෙතරම් ගැටුම් සහ යුද්ධයක් ඇති කාලයක ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මෙහෙවර වෙන කවරදාටත් වඩා වැදගත්ව දැනෙනු ඇති බවයි.
ලංකාවේ දේශපාලන ධාරාවේ බලපෑම්වලින් ක්‍රීඩාවට එල්ලවන පීඩනයන් සම්බන්ධයෙන් විවෘත කථිකාවක් අවශ්‍යය බව හඟවමින්,ක්‍රීඩාව ලෝක දේශපාලනයේ න්‍යාය පත්‍රවල හැසිරීම තීරණය කරන බලවේගයක් බවට පත්වෙමින් තිබෙන බව සහ රටවල ජාතික දේශපාලනය ඊට අවනත කර ගැනීමේ සාධණීය මානවීය ගුණාංග සහ ස්වාධීනත්වය එහි තිබෙන බවත් මෙවැනි දේවලින් පැහැදිළි වෙමින් ඇත.
