ආයෝජන මණ්ඩලයෙන් කැපී පෙනෙන වෙනසක්!

Date:

කොළඹ LNW:ආර්ථික අවපීඩන මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මේ වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ක වටිනාකමින් යුත් ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කර ගෙන ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඉන් බිලියන 1.5ක් සෘජු විදේශ ආයෝජන බවයි අමුණුගම මහතා සඳහන් කරන්නේ.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබුණේ පසුගියදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පැවති මෙම වසර තුළ ගිවිසුම්ගත වූ ආයෝජකයින්ගේ ගැටලු විමසීම, ප්‍රගති සමාලෝචනය සහ දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.

2023 ජනවාරි 01 දා සිට 2023 නොවැම්බර් 23 දක්වා කාලය තුළ අනුමත හා ලියාපදිංචි ව්‍යාපෘතිවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.8 දක්වා ඉහළනංවා ගැනීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමත්ව තිබේ.

මෙහි දී වඩාත් කැපී පෙනෙන ලක්ෂණය වන්නේ පෙර වසරට සාපේක්ෂව විදේශ ආයෝජන ව්‍යාපෘති අත්පත් කර ගැනීම 122%ක වර්ධනයක් පෙන්වීමයි.

නමුත් පසුගිය වසරට සාපේක්ෂව දේශීය ආයෝජනවල මන්දගාමී තත්ත්වයක් පෙන්නුම් කරන බව උකත සාකච්ජාවේදී පෙන්වා දී ඇත.

එසේම මෙම වසරේ මෙරට බලශක්ති කේෂ්ත්‍රයේ දිශානතිය නව මගකට යොමු කරවන නව ව්‍යාපෘති කිහිපයකට අනුමැතිය ලබා දීමට ද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ක්‍රියා කර තිබේ.

බලශක්ති ක්ෂේත්‍රයේ ඉහළ ආයෝජන වටිනාකම් ඇති Adani Corporation,Sinopec, RM Parks – (Shell සමඟ) වැනි ආයෝජන ව්‍යාපෘති මඟින් ඉදිරියේ දී මෙරට බලශක්ති ක්ෂේත්‍රය කැපී වෙනසට ලක් කරනු ඇති බවද අපේක්ෂා කරයි. මීට අමතරව සංචාරක, තොරතුරු තාක්ෂණ, සන්නිවේදන සහ නිෂ්පාදන යන කේෂ්‍ත්‍රවල ද කැපි පෙනෙන ආයෝජනයන් දක්නට ලැබෙන බව සඳහන්.

චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය, හොංකොං, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, ප්‍රංශය, කොරියාව, ජර්මනිය සහ සිංගප්පූරුව යන රටවල් 2023 මෙම කාල සීමාව තුළ ආයෝජන වයපෘතිවලට සම්බන්ධ වී ඇති රටවල් ලෙස දක්වා තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයන් නිවාස අඩස්සියේ තැබීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 28: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2022 මැතිවරණ...

මර්වින් සිල්වා, ලොහාන් රත්වත්තේ විතරක් නෙවෙයි තිස්ස කුට්ටිආරච්චි වගේ අයත් මේ ආණ්ඩුවෙන් බලාගන්න පුළුවන් – මරික්කාර්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නීතිගරුකව,යුක්තිගරුකව රට පාලනය කරන බව පැවසුවද මර්වින්...

ප්‍රංශ නිළි රැජිනකගේ නික්ම යෑම – French actress Brigitte Bardot dies aged 91

සටහන – පුලී දෙසැම්බර් 28, කොළඹ (LNW):  ප්‍රංශ තිර පුරාවෘත්තයක්...

ජපානයේ අධිවේගී මාර්ගයක වාහන 50ක් එකිනෙක ගැටීමෙන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 28: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: මධ්‍යම ජපානයේ...