සිව් මහා මංගල්‍යයන්ගෙන් අවසන් මංගල්‍යය මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී!

සටහන – නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW)
: ශ්‍රී දළදා මාලිගාවේ සිව් මහා මංගල්‍යයන්ගෙන් අවසන් මංගල්‍යය වන කාර්තික මංගල්‍ය ඊයේ (26) ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කොට පැවැත්විණි.

වාර්ෂිකව සිදුකරන සතර මහා මංගල්‍යයන්ගෙන් අවසන් මංගල්‍ය එය වන අතර ඉල් මස පුර පසළොස්වක පෝය දින එය සිදු කෙරේ.


දුරුතු මස යෙදෙන අලුත් සහල් මංගල්‍ය, බක් මස යෙදෙන අවුරුදු මංගල්‍ය, ඇසළ මස යෙදෙන පෙරහැර මංගල්‍ය මෙන්ම ඉල් මස යෙදෙන කාර්තික මංගල්‍යෙය් සුවිශේෂත්වයක් වන්නේ පෞරාණික චාරිතානුකූලව ප්‍රදීපාලෝක පූජාව පැවැත්වීමයි.
කාර්තික මංගල්‍යයට පෙර දිනයේදී ප්‍රදීපාලෝක පූජාව සඳහා තෙල් බෙදාදීම ද චාරිත්‍රානුකූලව සිදුවේ.


කාර්තික මංගල්‍යය ආරම්භ කරමින් දළදා මාලිගා චතුරස්‍රයේ සාධාතුක කරඬුව පෙරහරකින් වැඩම කෙරෙන අතර මෙවර සාධාතුක පෙරහැර කරඬුව වැඩම කරවන ලද්දේ දළදා මාලගාවේ ඇත්පන්තිය නියෝජනය කරන සිංහ රාජා ඇතු විසිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද...