පොලිස්පති නම් කරන තෙක් වැඩවෙන්නේ මෙහෙමයි!

Date:

කොළඹ LNW:නව පොලිස්පතිවරයෙක් පත් කරන තෙක් පළාත් 9 සඳහා පත් කර ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් සාමාන්‍ය පරිදි මහජන ආරක්ෂක කටයුතු සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

සිව් වන සේවා දිගුවත් අවසන් වීමෙන් අනතුරුව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සිය ධූරයෙන් පසුගිය සිකුරාදා විශ්‍රාම ගනු ලැබීය.

තමන් ධුරයෙන් විශ්‍රාම ගන්නා බව සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත නිල වශයෙන් වික්‍රමරත්න මහතා දැනුම් දී තිබුණු නමුත් නව පොලිස්පතිවරයෙක් පත්කිරීම තවදුරටත් ප්‍රමාද වෙමින් තිබේ.

කෙසේ වෙතත් ඉදිරි සතියේදී නව පොලිස්පතිවරයා කවුරුන්ද යන්න පිළිබඳ දැනුම් දෙන බවද රජයේ ආරංචි මාර්ග පවසන අතර මේ දිනවල ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ජා පැවැත්වෙන බව සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම සසර තේරුම් ගත්තවුන් නිසි කඨින ...

“තෙවැනි ඇසට සුවය” අක්ෂි සායනය : ජනමාධ්‍යවේදීන් සඳහාමයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01 , කොළඹ LNW: ජනමාධ්‍යවේදීන් සඳහාම වෙන්...

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...