සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරන්න කාලය එළඹිලා – කාදිනල් හිමි

Date:

කොළඹ LNW:මෙතෙක් මේ රට පාලනය කළ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කිරීමේ කාලය එළඹ ඇති බව අතිඋතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමියෝ පැවැසුහ.

කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේ ඊයේ (26) රාත්‍රියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සිග්නීස් සිනමා සම්මාන උළෙලට සහභාගී වෙමිනි.

රජය,සමාජ මාධ්‍ය නියාමනයට යැයි කියමින් ඒකාධිපති නැඹුරුවක් තුළ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ හා සත්‍ය සොයායෑමේ අයිතිය සීමා කිරීම සඳහා පනතක් ඉදිරිපත් කර තිබෙන බව උන්වහන්සේ සඳහන් කළහ.

රට ඒකාධිපතිවාදය වෙත මෙහෙයවන්නට ක්‍රියාත්මක කරන එවැනි ප්‍රයත්නයන් පරාජය කිරීම දේශමාමක හා ජනතාහිතෛෂී ජනමාධ්‍යයේ යුතුකම බවයි උන්වහන්සේ සඳහන් කළේ.

ඒ අනුව මෙතෙක් අප රට පාලනය කළ පාරම්පරික දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කිරීමේ කාලය එළඹී ඇති බවත් දේශපාලන, පවුල්වාදය හා පරගැතිබව තුරන් කරමින් රටතුළ නව ප්‍රබෝධයක් ඇති කරලීමේ කාලය අත ළඟ බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

‘ඇස්බැස්ටෝස් තහඩුවට, රුපියල් 5,000ට හෝ බත්මුලට මත්පැන් බෝතල් භාගයට ඡන්දය භාවිතා කළ යුගය අපි අවසන් කළ යුතුයි. සම්ප්‍රදායික ජනපීඩක දේශපාලකයින් වෙනුවට රටට ආදරය කරන නව නායකත්වයක් කරා යමින් අප දේශය නව විමුක්තියක් කරා රැගෙන යෑමට ඊළඟට අපි සැවොම ක්‍රියාකළ යුතුය.” යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...