ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහකරණය ඇරඹේ !

Date:

ශ්‍රී ලංකා රජය විසින් ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහකරණය කිරීමේ පළමු පියවර ලෙස එම බැඳුම්කර ස්වේච්ඡාවෙන් හුවමාරු කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. බැඳුම්කර හුවමාරුව සිදු වනු ඇත්තේ ජනාධිපතිවරණයට පෙර ඇති කර ගනු ලැබූ එකඟතා මත පදනම්වයි.

ස්වේච්ඡාවෙන් බැඳුම්කර හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කිරීමට සති තුනක පමණ කාලයක් ලබා දී ඇති අතර එම කාලය දෙසැම්බර් 12 දිනෙන් අවසන් වෙනවා. මේ අනුව පෙනී යන්නේ වසර අවසන් වීමට පෙර ණය ප්‍රතිව්‍යුහගත කර අවසන් කිරීම රජයේ ඉලක්කය බවයි.

ශ්‍රී ලංකා රජය විසින් දැනටමත් ඇති කරගෙන තිබෙන එකඟතා අනුව මෙම බැඳුම්කර වලින් 50% ඉක්මවන ප්‍රමාණයක් හුවමාරු වන බව පැහැදිලි නමුත් අවම වශයෙන් බැඳුම්කර වලින් 40%ක් පමණ අයිති අනෙකුත් ණයහිමියන් එවැනි එකඟතාවයකට පැමිණ නැහැ. ඔවුන්ගේ තීරණය දැනගන්නට දෙසැම්බර් 12 දින දක්වා බලා සිටින්නට සිදු වෙනවා.

දැනටමත් නඩු මගට ගොස් සිටින හැමිල්ටන් රිසර්ව් බැංකුව වැනි පාර්ශ්ව ණය හුවමාරුව සඳහා අයදුම් නොකර මුළු මුදලම පොරොන්දු පරිදි ලබා ගැනීමට උත්සාහ කරන්නට ඉඩ තිබෙනවා. එමෙන්ම තවත් යම් පිරිසක් ඒ මගම යාමට ඉඩ තිබෙනවා.

සැලකිය යුතු පිරිසක් දෙසැම්බර් 12 දිනට පෙර ස්වේච්ඡා ණය හුවමාරුව සඳහා අයදුම් නොකළහොත් ඒ සඳහා ලබා දී තිබෙන කාලය දීර්ඝ කිරීමට ඉඩ තිබෙනවා. කෙසේ වුවත්, ශ්‍රී ලංකා රජය විසින් උත්සාහ කරන්නේ ණයහිමියන් හැකි තරම් පිරිසක් ඉතා ඉක්මණින් මේ හුවමාරුවට කැමති කර ගැනීමටයි.

මේ අනුව පෙනී යන්නේ “වෙනත් ණය ප්‍රතිව්‍යුගත කිරීම් වලට සාපේක්ෂව ශ්‍රී ලංකාව අවාසිදායක ගනුදෙනුවකට යාම” “පිළිකුල් සහගත (odious) ණය නොගෙවා සිටීම” වැනි පූර්ව-මැතිවරණ ජනප්‍රිය තර්ක වත්මන් පරිපාලනය විසින් බැහැර කර ඇති බවයි. මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන ඇමතිද වන ජනාධිපති අනුර දිසානායක මේ සම්බන්ධව අදහස් දක්වමින් මෙසේ සඳහන් කර තිබෙනවා.

“අද දින නිල වශයෙන්නි නිවේදනය කෙරෙන පෞද්ගලික ණයහිමියන් සමඟ වූ මෙම ණය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ශ්‍රී ලංකාවට ඉතා වැදගත් සන්ධිස්ථානයක්. මේ සම්බන්ධව ශ්‍රී ලංකාවේ විදේශ ණයහිමියන්ට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ යහපත් චේතනාවෙන් මේ සම්බන්ධව අප සමඟ හෙට්ටු කළ ණයහිමියන්ගේ නිල කමිටුවට අපට මේ සන්ධිස්ථානයට පැමිණීමට උදවු කිරීම පිළිබඳව අප ස්තුතිවන්ත වෙනවා. …මෙය ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට දීප්තිමත් අනාගතයක් කරා යාමට මංපෙත් විවර කිරීමට නියමිතයි.”

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...