ට්‍රම්ප්ගේ නව කැබිනට්ටුවට බෝම්බ තර්ජන

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය නව කැබිනට් මණ්ඩලයේ ආරක්ෂක, නිවාස, කෘෂිකර්ම සහ කම්කරු ඇතුළු විවිධ දෙපාර්තමේන්තු වලට නායකත්වය දීමට තෝරාගනු ලැබූ නව දෙනෙකුට එරෙහිව බෝම්බ තර්ජන එල්ල වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජනපද තානාපතිනිය ලෙස ට්‍රම්ප් නම් කර ඇති නිව් යෝර්ක් රිපබ්ලිකන් පාක්ෂික එලිස් ස්ටෙෆනික්, ආරක්ෂක ලේකම් අපේක්ෂක පීට් හෙග්සෙත්, පරිසර ආරක්ෂණ ඒජන්සියේ පරිපාලක වීමට නම් කර ඇති ලී සෙල්ඩින් ද, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නායකත්වය දීමට තෝරා ගත් බෲක් රෝලින්ස්, ට්‍රම්ප්ගේ නිවාස දෙපාර්තමේන්තුව සඳහා තෝරා ගත් ස්කොට් ටර්නර් සහ කම්කරු ලේකම් සඳහා ඔහු තෝරා ගත් ලෝරි චාවේස්, ට්‍රම්ප්ගේ වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් මෙන්ම නව නීතිපති වශයෙන් නම් කළ මැට් ගේට්ස්, CIA හි අධ්‍යක්ෂවරයා වීමට ට්‍රම්ප් විසින් නම් කරන ලද ජෝන් රැට්ක්ලිෆ්ට එරෙහිව මෙලෙස බෝම්බ තර්ජන එල්ල වී තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය සඳහන් කර තිබුණේ, මෙම සිදුවීම් පිළිබඳව ජනාධිපති ජෝ බයිඩන් දැනුවත් කර ඇති බවත්, නාමිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම කඩිනමින් ක්‍රියාත්මක කර ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...