විරේන් පියවරක් ඉදිරියට

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 28,(LNW) කොළඹ :

Syed Modi India International 2024 ඉන්දියාවේ පැවත්වෙන ශ්‍රී ලංකා මුදලින් කෝටි 7 ට ආසන්න ජය මුදලක් ප්‍රදානය කරන බැඩිමින්ටන් තරගාවලියේ දැවන්තයන් අතරින් එක් පියවරක් ඉදරියට තබන්නට විරේන් නෙත්තසිංහට හැකි වුණා.ඔහු මුහුණ දුන් පළමු තරගයේ දී ඉන්දියාවේ සිද්ධාර්ත ප්‍රතාප් සිං ලකුණු 21-14 ක් සහ 21-18 ක් ලෙස පරාජය කරන්නට සමත් වුණා.

විනාඩි 39 ක් පුරා පැවති තරගයේ දි කලකට පසුව පිටියට පිවිසි විරේන් හොඳ විශ්වාසයකින් තරග වැදුණු අතර දෙවන වටයේ මැද දි යම් කිසි ආකාරයකින් සිද්ධාර්ත් ඉදිරියෙන් සිටින්නට සමත් වුව ද,තරග වටය නිමා වෙද්දී විරේන් ජයග්‍රහණය සහතික කර ගැනීමට සමත් වුණා.එම ජයග්‍රහණයත් සමඟ විරෙන්ට අවසාන 16 දෙනා අතරට පිවිසෙන්නට අවස්ථාව හිමි වුණා.


මෙම තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට සහභාගි වූ රසිඳු හෙන්දහේවාට තරග දෙකක් ජයගෙන ප්‍රධාන තරග කාල සටහනට ඇතුළත් වීමේ හැකියාව තිබුණත්,ඔහු පළමු තරගය ජයගෙන දෙවන තරගයේදී ඉන්දියාවේ සනීත් දයානන්ද් අතින් පරාජයට පත් විය.එහිදී ලකුණු තත්ත්වය වාර්තා වුණේ ලකුණු 21-14,21-6 ක් ලෙසය.


විරෙන් අවසාන 16 දෙනාගේ වටයේ දී වියට්නාමයේ න්ගුයෙන් හායි ඩෑන්ග් සමඟ අද දිනයේ දී තරග වඳින්නට නියමිතව තිබෙනවා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...

එස්එස්සී ආලෝකයෙන් ලැබූ පළමු ජය පකිස්තානයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

BREAKING NEWS : අමරකීර්ති අතුකෝරළ ඝාතනය – විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...