ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය අතරතුර ඇමරිකාවෙන් ඊශ්‍රායලයට අමුතු එකඟවීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ලෙබනනයේ සටන් විරාමය මෙන් ගාසා තීරයේ ද සටන් විරාමයක් ඇති කිරීමට ඇමරිකාව පොරොන්දු වී තිබියදී , ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය අතරතුර ඇමරිකාව ඩොලර් මිලියන 680ක ආයුධ ඊශ්‍රායලයට විකිණීමට එකඟ වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය ඊශ්‍රායලයට ඩොලර් මිලියන 680 ක අවි පැකේජය අනුමත කර ඇත්තේ  තාවකාලිකව බව ද වාර්තා වේ. මෙම ආයුධ පැකේජය ලබාදීම පිළිබඳ යෝජනාවට අනුමැතිය ලබා ගැනීම සඳහා මාස ගණනාවක් ගතව තිබූ අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී කොන්ග්‍රස් කමිටුව විසින් එය පුළුල් ලෙස සමාලෝචනය කර තිබුණි. ඒ අනුව මෙම අනුමැතිය ලැබී ඇත.

එම යෝජනාව අනුව කුඩා බෝම්බ සිය ගණනක් හා ප්‍රහාරක යුධෝපකරණ කට්ටල දහස් ගණනක් ඊට ඇතුළත් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...