ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය අතරතුර ඇමරිකාවෙන් ඊශ්‍රායලයට අමුතු එකඟවීමක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ලෙබනනයේ සටන් විරාමය මෙන් ගාසා තීරයේ ද සටන් විරාමයක් ඇති කිරීමට ඇමරිකාව පොරොන්දු වී තිබියදී , ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය අතරතුර ඇමරිකාව ඩොලර් මිලියන 680ක ආයුධ ඊශ්‍රායලයට විකිණීමට එකඟ වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය ඊශ්‍රායලයට ඩොලර් මිලියන 680 ක අවි පැකේජය අනුමත කර ඇත්තේ  තාවකාලිකව බව ද වාර්තා වේ. මෙම ආයුධ පැකේජය ලබාදීම පිළිබඳ යෝජනාවට අනුමැතිය ලබා ගැනීම සඳහා මාස ගණනාවක් ගතව තිබූ අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී කොන්ග්‍රස් කමිටුව විසින් එය පුළුල් ලෙස සමාලෝචනය කර තිබුණි. ඒ අනුව මෙම අනුමැතිය ලැබී ඇත.

එම යෝජනාව අනුව කුඩා බෝම්බ සිය ගණනක් හා ප්‍රහාරක යුධෝපකරණ කට්ටල දහස් ගණනක් ඊට ඇතුළත් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...