රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ (LNW):
ඩුබායි රටේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි දෙකක් වංචා කළ බව කියන සැකකාරියක කොළඹ අපරාධ විමර්ෂණ ඒකකය මගිනු අත්අඩංගුවට ගෙන ඇති බව , පොලිසිය පවසයි.
ඒ අනුව පුද්ගලයන් 37 දෙනෙකුගෙන් රුපියල් දෙකෝටි දොලොස්ලක්ෂ අනූපන්දහසක් වංචා කර ඇති බවට ඇයට චෝදනා එල්ල වන අතර, මහියංගනය , බදුල්ල , බිබිල, අම්පාර ආදි ප්රදේශවල පුද්ගලයන්ගෙන් එම වංචාව සිදුකර ඇති බව පැවසේ.
වසර දෙකක් සැගවී සිටි මෙම සැකකාරිය ඇයගේ සැමියා ද සමග වත්තල ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙඅ ඇති අතර,අධිකරණය නියෝග කර ඇත්තේ, ඇය ලබන 12 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටයි.