දිවයින පුරා රෝහල්වල ඉන්සියුලින් හිඟය නිසා රෝගීන් දැඩි අපහසුතාවකට

දිවයින පුරා රජයේ රෝහල් රැසක දියවැඩියා රෝගීන්ට ලබාදෙන ඉන්සියුලින් එන්නත් නොමැති වීම නිසා සායනවලට පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව වාර්තා වේ.

මෙසේ හිඟවී ඇත්තේ රෝගීන්ට නිවසේදී එන්නත් කරගැනීම සඳහා ලබාදෙන මික්ස්ටාඩ් (Mixtard) නමැති ඉන්සියුලින් එන්නතයි.

මෙම එන්නත් කුප්පි 750,000ක් මිලදී ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ටෙන්ඩර් කැඳවා එක් සමාගමකට ටෙන්ඩරය ලබාදී ඇති අතර එම සමාගම ඉන්සියුලින් සඳහා සිය ලියාපදිංචිය යාවත්කාලීන කරගැනීම සඳහා අයදුම්පතක් ඉදිරිපත් කර ඇතත් මෙතෙක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඊට අනුමැතිය ලබානොදීම මෙම එන්නත් හිඟයට හේතු වී ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් පසුගිය 21 වනදා හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඖෂධ සමාලෝචන රැස්වීමේදී ද අවධානය යොමුකර ඇති අතර එහිදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ යාවත්කාලීන කරන ලද බලපත්‍රය සූදානම් කර ඇති බවකි.

එහෙත් මේ වනතෙක් එම බලපත්‍රය ලබාදී නොමැති බව වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...