*
Tuesday, December 10, 2024
spot_img

Latest Posts

ආසියානු රගර් ඡන්දෙට මොකද වුණේ

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 28,(LNW) කොළඹ :

ආසියානු රගර් නිලවරණයේ දී පිලිපීන ජාතික කාන්තාවක වන ඇඩා මිල්බි ගේ පරාජය සිඳු වූ ආකාරය ආන්දෝලනයකට තුඩු දෙමින් ඇත.ඇඩා ආසියාවෙන් ලෝක සම්මේලන විධායක සභාවට පත් පළමුවැන්නා ලෙස සැළකෙන අතර එය 2018 දී සිදු වී ඇත.ලෝක මට්ටමෙන්ද විශාල ජනප්‍රියත්වයක් සහ කැමත්තක් හිමි ඇඩා මිල්බි පරාජය වූයේ කෙසේද යන්න පිළිබඳව විවිධ අදහස් පළවෙමින් තිබෙන අතර,ශ්‍රී ලංකාවට එම නිලවරණයේදී ඡන්දය භාවිතා කිරීමට සිඳු නොවීම ගැන ක්‍රීඩා බලධාරීන් කිසිවෙකුත් අවධානය යොමු කරන බවක් පෙනෙන්නට නැත.


රග්බි පරිපාලනය විසුරුවා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් අතට පත් කිරීමෙන් ඉනික්බිතිව ආසියානු සම්මේලනය සහ ලෝක සම්මේලනය ද ශ්‍රී ලංකාවේ රග්බි පරිපාලනයේ නියෝජිතයා ලෙස පිළිගන්නේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාය.ඔහු පවසන පරිදි අමාත්‍යවරයා සහ ලෝක සම්මේලන එකඟතාව මත පහසුකම් සැපයීම වෙනුවෙන් විසුරුවන ලද පරිපාලනයේම සභාපති පත් කරයි.එය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ පත් කිරීමක් ලෙස සටහන් වෙයි.


එය සදාචාරාත්මක නැත.නුසුදුසු තත්ත්වයක් යටතේ විසුරුවන ලද පරිපාලනයේ පාලකයාව සාමාන්‍ය ලෙස ගත් විට එම නිල ලිපි ලේඛණ භාවිතයෙන් දුරස්ව තැබිය යුතුය.එහෙත් ඔහුටම ඒවා භාරදීම කුමන සදාචාරසම්පන්න තත්ත්වයක් යටතේ හෝ සිඳු නොවිය යුතු දෙයකි.
එසේම විසුරුවන ලද ප්‍රධාන හේතුව නිසි කළට නිලවරණය නොපැවත්වීම වුව ද,අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අවශ්‍යය මාර්ගෝගදේශනය දෙමින් නිලවරණය පැවත්විය යුතු වුව ද,අද වන තුරු නිලවරණය පැවත්වීමට වඩා ඔහු උත්සාහ කරමින් සිට්න්නේ ව්‍යවස්ථාව වෙනස් කිරීමටය.ඒ ක්‍රීඩා සමාජ අටකට වැඩි බලයක් හෝ මේ දක්වා නොමැති බලයක් ස්ථාපිත කර දීම උදෙසාය.


මේ ක්‍රීඩා සමාජ අතරින් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය නොවන ක්‍රීඩා සමාජවල බලයේ සිට පුද්ගලයින් යටතේ රගර් ගිණුම ණය වීම,දඩ ගෙවන්නට සිඳුවීම සහ එම දඩ මුදල් ශ්‍රී ලංකාවේ රගර් සංවර්ධනයට ලැබෙන ලෝක සංගමයෙන් ලැබෙන මුදලින් අඩු කර ගැනිම ආදිය ගැන මේ ක්‍රීඩා සමාජ පරීක්ෂණයක් පවත්වන්න ඉල්ලා නැත.ඒවාට අදාළ ප්‍රධානීන්ම අද ද එම ක්‍රීඩා සමාජත්,ජාත්‍යන්තර තලයත් නියෝජනය කරමින් ඇත.පළමු කොට ඒවා ට විරුද්ධවීම,එම සැක සහිත ගණුදෙනු,ණය සහ දඩ මුදල් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වරදකරුවන්ට දඩුවම් දීම වැනි කාරණා ඉටු කළ යුතු වුව ද,ප්‍රධාන පෙළේ රගර් ක්‍රීඩා සමාජ කිහිපයක් වෙනස් නොවී ඒ කාණ්ඩයේ රැදී සිට දක්ෂතා මත පසුබැස පහතින් එන කණ්ඩායම්වලට අවස්ථාව දී ඒ සහ බී යන කොටස් දෙකේම රගර් තරගකාරීත්වය සහ කුසලතා වර්ධනයට පාර සැකසීම ගැන කිසිවෙක් කතා කරන්නේ නැත.


මේ තත්ත්වය නිසා ජාත්‍යන්තර සම්මේලනය සමඟ සාකච්ඡා කර නිලවරණය පැවත්වීම සහ විය යුතු සංශෝධන ගැන සාකච්ඡා සඳහා ලෝක සම්මේලනයට සහ පත්වන පරිපාලනයට ඉඩ දීම වැදගත් වුවත්,තවම නිලවරණය පවත්වා නැත.තවම ඒ ගැන කතාවක් හෝ සිඳුවන බවක් ද නැත.කුමන හෝ ආගමික කණ්ඩායමක් සමඟ එකඟතාවයක් මත නිලධාරීන්ට අවශ්‍යය පරිදි හැසිරෙන්නට දෙන බවට ආණ්ඩුවට එන චෝදනා සහ මේ ක්‍රියාවන් නිසි පරිදි සිඳු නොවීම අතර සම්බන්ධයක් ගැන සැක උපදවන තරමේ ඉවසීම ගැටළුකාරීය.


ඒ සියල්ල මැද එන නිලවරණයේ දී පහසුකම් සපයන්නා හෙවත් විසුරුවන ලද පරිපාලනයේ ප්‍රධානියා ආසියානු නිලවරණයට යාමට ආසියානු සම්බන්ධකම් හරහාම අවසර ලබා ගෙන ඇති බවට පැතිර ගිය රාවය ගැනද සෙවිය යුතුය.ඒ අවස්ථාවේදී තමන්ගේ පදයට නටන්නට හිටපු ප්‍රධානියා පත් කර ගත් බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සිතා සිටිය ද,මේ අවස්ථාවේදි ඔහුට සිඳු වී ඇත්තේ අනිත් පැත්ත බව දැනෙන්නට ඇත.එනම් තමාව පහසුකම් සපයන්නා විසින් නටවා ඇති බවය.


අවසානයේ එය වෙනස් කර අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ආසියානු නිලවරණයට බැංකොක් බලා ගියත් ඒ වෙනුවෙන් දැරූ වියදම හැරෙන්නට අධ්‍යක්ෂ ජෙනරාල්ට ඡන්දය භාවිතා කරන්න අවස්ථාව ලැබී නැත.ඒ ඇයි?ඊට හේතුව කවරේද?නිල වශයෙන් මේ මොහොතට අදාළව ලංකාවේ රගර් ප්‍රධානිය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ය.ඔහුට ඡන්දය ප්‍රකාශ කරන්න නොදුන්නේ ඇයි? එය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැහැදිළි කර ගත යුතුය.ඔහු විසින් පත් කළ පහසුකම් සපයන්නා එම නිලවරණයට සහභාගි වන්නට අවසර ලබා ගත්තේ කෙසේද?මේවා ජාත්‍යන්තර වශයෙන් රට අපකීර්තීයට පත් කරන කාරණාය.ඒවා සොයා බැලිය යුතු නැද්ද?

ලංකාවට ඇති ආසියාතික රගර් නිලවරණයේ ඡන්ද අයිතිය අහෝසි වන්නට හේතු වූ කාරණා සොයා බැලීම ආණ්ඩුවටම පැවරෙන යුතුකමකි. ඊට ප්‍රධාන හේතුව එයින් රටට අතිවන ලැජ්ජාවය,
රගර් සංඛේතවත් කරන්නේ අලියාය.ඒ අලියාට රට පාගා දමන්නට නොහැකිය.සමහර විට අලි හොරු විදිහට හඳුන්වන අය අතින් ඒ දේවල සිඳුවන්නට හැකිය.ශිශිරයේ නින්දක් ගත කරන හිම වළසෙකු මෙන් රටේ ක්‍රීඩාව භාර අය අලියාට රටත් ඒ තුළ වන රග්බි ක්‍රීඩාවත් පාඟා කර දමන්නට දෙනවාද යන්න අපි විමසිල්ලෙන් බලා ඉමු.

http://www.sportwaynews.com

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan