තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාර දෙති!

Date:

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ.

බුර්කිනා ෆාසො (Burkina Faso), බොස්නියාව සහ හර්සෙගොවිනා (Bosnia and Herzegovina) , අසර්බයිජාන ජනරජය (The Republic of Azerbaijan), ජෝර්ජියාව (Georgia), බෙලාරූස් ජනරජය (The Republic of Belarus), ආමේනියා ජනරජය(The Republic of Armenia), ස්පාඤ්ඤ රාජධානිය (The Kingdom of Spain), කොංගෝ ජනරජය (The Republic of Congo), සහ ගිනියා ජනරජය (The Republic of Guinea) සඳහා නව තානාපතිවරුන් ද කෙන්යා ජනරජය සඳහා නව මහ කොමසාරිස්වරයෙකුද මෙලෙස පත්ව සිටී.

අද දින අක්තපත්‍ර භාර දුන් නව මහකොමසාරිස්වරයාගේ සහ තානාපතිවරුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ

01. ආචාර්ය ඩෙසිරේ බොනිෆස් සම් – නවදිල්ලියේ පිහිටි බුර්කිනා ෆාසො තානාපති

02. හැරිස් හර්ලේ මහතා – නවදිල්ලියේ පිහිටි බොස්නියාව සහ හර්සගොවිනා තානාපති

03. එල්චින් හුසෙයින්ලි මහතා – නවදිල්ලියේ පිහිටි අසර්බයිජාන ජනරජයේ තානාපති

04. වක්ටන්ග් ජෝෂ්විලි මහතා – නවදිල්ලියේ පිහිටි ජොර්ජියාවේ තානාපති

05. මිහයිල් කස්කො මහතා – නවදිල්ලියේ පිහිටි බෙලරූස් ජනරජයේ තානාපති

06. වාහන් ආෆ්යාන් මහතා – නවදිල්ලියේ පිහිටි ආමේනියා ජනරජයේ තානාපති

07. යුවාන් ඇන්ටෝනියෝ මාර්ච් පුහොල් මහතා – නවදිල්ලියේ පිහිටි ස්පාඤ්ඤ රාජධානියේ තානාපති

08. රේමන්ඩ් සර්ගේ බලේ මහතා – නවදිල්ලියේ පිහිටි කොංගෝ ජනරජයේ තානාපති

09. මුනියිරි පීටර් මයිනා මහතා – නවදිල්ලියේ පිහිටි කෙන්යා ජනරජයේ මහ කොමසාරිස්

10. ඇලසාන් කොන්ටෙ මහතා – නවදිල්ලියේ පිහිටි ගිනියා ජනරජයේ තානාපති

PMD

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...