යුක්රේනයේ බලශක්ති ජාලයට රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

යුක්රේනයේ බලශක්ති ජාලයට ‘දැවැන්ත’ මිසයිල ප්‍රහාරයක් රුසියාව විසින් එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.රුසියාව යුක්රේනයේ බලශක්ති යටිතල ව්‍යුහයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති බව යුක්රේන බලශක්ති අමාත්‍යවරයා පවසයි.

හර්මන් හලුෂ්චෙන්කෝ පවසන්නේ හදිසි විදුලිය ඇනහිටීම් රට පුරා නගර කිහිපයකින් වාර්තා වන බවත්, පිපිරීම් කිහිපයක් ද වාර්තා වූ බවයි.

අද අලුයම යුක්රේන ගුවන් හමුදාව මිසයිල අනතුරු ඇඟවීම් රටපුරා නිකුත් කර තිබූ අතර, මෙය මේ මාසයේ රටේ බලශක්ති පද්ධතියට එල්ල වූ දෙවන ප්‍රහාරය වන බව විදෙස් මාධ්‍ය පවසයි.ඉන් සිදුවූ හානි පිළිබඳ යුක්‍රේනය මෙතෙක් හෙළි කර නොමැති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මදුරාවතී නම් තරු රටාව – භාෂාව මිටින් ගෙන හොම්බට අනින කවි

සාදය සූදානම් කරපු චන්දරේට යන්නම් කියපු ලූලා ඇලෙන් පැනලා...

ශ්‍රී ලාංකිකයින් 10,000 කට තායිලන්තයේ රැකියා අවස්ථා. එරට කැබිනට් අනුමැතියත් ලැබෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000ක් රැකියා සඳහා...

තුසිත හල්ලොලුව රිමාන්ඩ්. වෙඩිතැබිල්ල තුසිතගේම වැඩක් බව පොලීසිය උසාවියට කියයි !

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු මෙන්ම හිටපු ජනාධිපති...