ගංවතුරට මැදි වූ මහව සහ එළුවන්කුලම ජනතාව මුදාගැනීමේ මෙහෙයුම්!(PHOTOS)

කොළඹ LNW: අයහපත් කාලගුණ තත්වය හමුවේ මහව සහ එළුවන්කුලම ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව ආරක්ෂි ත ස්ථාන වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

අධික වැසි හේතුවෙන්ලකුරුණෑගල මහව ගල්ටැන් වැව පිටාර ගැලීමෙන් සහ පුත්තලම එළුවන්කුලම ප්‍රදේශයේ ඇතිවී ඇති ගංවතුර හමුවේ ආපදාවට පත් ජනතාව නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් මඟින් නිරුපද්‍රිතව ආරක්ෂිතත ස්ථාන වෙත යොමු කර ඇත.

අද (28) උදෑසන එම මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.

ඒ අනුව නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් විසින් ප්‍රදේශවාසීන්ගේ ද සහයෝගය එම ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...