රටට ආදරේ නම් හැමෝම රනිල්ට සහාය දිය යුතුයි. පරිණත දේශපාලනඥයා ඔහුයි – වෙල්ගම (VIDEO)

Date:

මේ මොහොතේ රට ගොඩගැනීම සඳහා ඉදිරිපත්ව සිටින පරිණතම අත්දැකීම් සහිත නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් රට වෙනුවෙන් සියලු දෙනාම ඒ මහතාට සහාය ලබාදිය යුතු බවත් නව ලංකා නිදහස් පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

“මම එහෙම කියන්න හේතුවක් තියෙනවා. අපි ගත්තොත් අපේ පවුලක තාත්තාට තමයි අත්දැකීම් තියෙන්නෙ. තාත්තාට තියෙන අත්දැකීම් මට නෑනෙ. ඒ අත්දැකීම් මට ඇතිවෙන්නෙ මම ඒ වයසට ගියාම. ඒ වගේ තමයි දැනට ඉන්න දේශපාලනඥයින්ගෙන් හොඳ අත්දැකීම් තියෙන නායකයා රනිල්. මිනිස්සු අතර ජනප්‍රිය නැතිවෙන්න පුළුවන්, ඒක මම පිළිගන්නවා ඉතින් එතුමා මිනිස්සු අතර ජනප්‍රිය නැති එක. නමුත් ජාත්‍යන්තරයට කතා කරලා මේ රට ගොඩදාන්න ඉදිරිපත් වෙලා ඉන්න නායකයින්ගෙන් එක්කෙනෙක් තමයි මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඉතින් අපට යුතුකමක් තියෙනවා අපි රට ගැන හිතනවා නම්, අපි රටට ආදරේ කරනවා නම්, අපේ පුංචි දරුවන්ට ආදරේ කරනවා නම් දැනට ඉන්න නායකයාට අපේ සහයෝගය දීලා කොහොම හරි කරලා මේ රට ගොඩගන්න අපි සියලු දෙනාම ඒකරාශී විය යුතුයි. ඒකයි මම කියන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි දැනට ඉන්න පරිණත දේශපාලනඥයා”

කුමාර වෙල්ගම මහතා මේ බව පැවසුවේ පෙරේදා (26) පස්වරුවේ මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති අතර හමුවක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : සංස්කෘතික සබඳතා පිළිබඳ...

සුබ උපන් දිනක් සිහින කුමරුනි….

හද මත ගීත ටජ්මහලක් තැනූවයිඑහි සිට මධුර ස්වරයෙන් පෙම...

ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...

අදත් යක්ෂයා අවදියෙන් සිටිය යුතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි...