දෙසැම්බර් 01 සිට ලිට්‍රෝ ගෑස් හිඟය අවසන්! (VIDEO)

Date:

ඇතැම් ප්‍රදේශවල ලිට්‍රෝ ගෑස් අඩුවක් පවතින බව නිරීක්ෂණය වී තිබෙන නමුත් එළඹෙන 01 වැනිදා සිට සාමාන්‍ය පරිදි ගෑස් නිකුත් කිරීම සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (28) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

ඒ අනුව සැකයකින් තොරව ජනතාවට සිය සාමාන්‍ය පරිදි කටයුතු සිදුකරගන්නා ලෙසයි සභාපතිවරයා සඳහන් කළේ.

මේ අතර යම්කිසි හෝ ආකාරයක ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ලබාගැනීමේ හැකියාවක් නොමැති නම් ගෑස් සමාගම විසින් හදුන්වා දී තිබෙන 1311 හොට් ලයින් අංකයට කතා කර අදාළ පැමිණිල්ල ලබාදෙන ලෙසත් ඒ අනුව පැය 24ක් ඇතුළත එම ඇනවුම් ලබාදීමට කටයුතු කරන බවත් ඔහු පැවසුවේය.

ෆේස් බුක් හරහාද එම දැනුම් දීම කළ හැකි බව සභාපතිවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේ මීට මාස කිහිපයකට පෙර පැවති අන්දමේ ගෑස් අර්බුදයකට යාමට ලිට්‍රෝ ගෑස් සමාගම ලෙස ඉඩනොතබන බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් මිලියන 400 ක් වටිනා අධාර තොගයක් චීනයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : අද (08)...

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – නාමල්ගෙන් ඉල්ලීමක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීමේ...