*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

පාපන්දුවට වඩා අමුතු විදිහට ඉරණම් පෙරළුණ දවසක්

මෙවර පාපන්දු ලෝක කුසලානයේ පිළිගත් කණ්ඩායම්වල ඉදිරි ගමන දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත් වූ දවසක් ලෙස නොවැම්බර් 27 වන දින හැදින්විය හැකිය.ලෝක සූරතාවය සම්බන්ධයෙන් යම් ඉඩක් ඇති බවට විචාරක මතයන් විසින් පෙන්වා දී තිබූ ජර්මණිය මෙවර තරගාවලියේ දෙවන වරටත් ඊයේ ජයග්‍රහණයක් ලැබීමේ භාග්‍යයෙන් දුරස්ව සිටියේය.ඒ ස්පාඤ්ඤය සමඟ පැවති තරගය 1-1 සේ සමවීම නිසාය.ස්පාඤ්ඤයේ ඇල්වරා මොරාටා තරගයේ 62 වන විනාඩියේදී ගෝලයක් රැඟෙන ස්පාඤ්ඤය ඉදිරියෙන් රැඟෙන ගිය අතර ඒ තත්ත්වය 83 වන විනාඩියේදී වෙනස් කළ නිකලස් ෆූල්කර්ග් ලබා ගත් ගෝලය නිසා ජරමනියේ ඉවත් යාමේ ඉඩ වසා දැමිණ.

නමුත් සැබවින්ම මේ ප්‍රතිපලය සමඟ වුව ජර්මණියට තරගාවලියෙන් ඉවත යන්නට ඉඩ තිබිණ.ඒ තත්ත්වය වසා දැමුවේ ජපානය විසින්ය.ඒ පළමු තරගයේදී ජර්මණියට අනපේක්ෂිත පරාජයක් අත් කර දුන් ජපානය ඊයේ ඒ ආකාරයටම කොස්ටාරිකාව වෙතින් ගෝල 1- 0 ක අනපේක්ෂිත පරාජයක් ලබමින් තමන් දෙවන වටයට යනවාද නැද්ද යන්න ඊ ළඟ තරගයේදී තීරණය කිරීම ස්පාඤ්ඤයට භාර දුන්නේය.වඩා සංකීරණ තත්ත්වයක ජය සහ පරාජයන් සමඟ සිටින කාණ්ඩය බවට පත් වි සිටින ජපානය,ජර්මනිය,ස්පාඤ්ඤය සහ කොස්ටාරිකාව සිටින ඊ කාණ්ඩයේ කණ්ඩායම්වලට ඉතිරිව තිබෙන ඉදිරි තරගය අතිශයින්ම තීරණාත්මකය.දැනට ස්පාඤ්ඤය ලකුණු ජයක් සහ ජය පරාජයෙන් තොර තරගයක් හරහා ලකුණු 4 ක් ලබා පෙරමුණේ සිටින අතර ජයක් සහ පරාජයක් සමඟින් ජපානයත් කොස්ටාරිකාවත් සිටින්නේ ලකුණු 3 බැඟින් ලබා ගෙනය.ජර්මනිය පරාජයක් සහ ජය පැරදුම නොවිසඳුණු තරගයක් සමඟ එක ලකුණක් පමණක් ලබා ඇත.

ඊ ළඟට පැවත්වෙන තරගවලදී ස්පාඤ්ඤය සමඟ තරගය ජපානය ජය ගතහොත් ස්පාඤ්ඤය සහ ජපානය සම ලකුණුලාභින් වන අතර ජය පරාජයෙන් තොරව කෙළවර වුවහොත් ස්පාඤ්ඤය 5 ක් සහ ජපානය 4 ක් සේ පෙරමුණට ඇඳෙනු ඇත.නමුත් ජර්මනියටද කොස්ටාරිකාව පරාජය කර ලකුණු 4 ක් ලබන්නට ඉඩ ඇති අතර එහිදී විශාල ගෝල සංඛ්‍යාවක් ප්‍රතිවාදීන්ට එරෙහිව ලබා ගතහොත් සම ලකුණු මට්ටමකදී ඊ ළඟ වටයට ඉඩ පහසුවෙන් හිමි වනු ඇත.නමුත් ස්පාඤ්ඤ තරගය ජපානය ජය ගතහොත් ජර්මනිය කොස්ටාරිකාවට එරෙහිව ජය ගත්තත් ස්පාඤ්ඤය හා සම ලකුණු ලබා ගැනීමට හැකිය.එහෙත් එවිටත් තරගාවලියට පෙර එම කාණ්ඩයේ ප්‍රබලම කණ්ඩායම් වූ ස්පාඤ්ඤය හෝ ජර්මනිය ඉවතට වීසිවීමට ඉඩ ඇත.

එසේම ඊයේ එෆ් කාණ්ඩයේ පැවති බෙල්ජියම් සහ මොරොක්කෝ තරගයේ දී බෙල්ජියම මොරොක්කෝව වෙතින් ගෝල 2- 0 ලෙස පරාජය විය.වත්මන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල දෙවන තැන සිටින බෙල්ජියම මේ තත්ත්වය නිසා තරගාවලියෙන් ඉවතට වීසි විමේ අවධානමකට මුහුණ දී ඇත.ඔවුන්ට ඊ ළඟ තරගය පහසු නොවනු ඇති අතර එහිදි ඔවුන්ට මුහුණ දීමට වන්නේ වත්මන් ලෝක අනු සූරයන්ටය.ක්‍රොඒෂියාව මොරොක්කෝ තරගයේදී ජය පරාජයෙන් තොරව තරගය අවසන් කර ගත් අතර කැනඩාවට එරෙහිව ඊයේ ජයග්‍රහණය කළේ 4 – 1 ක් ලෙසය.

මේ කාණ්ඩයේ හොඳම තැන සිටින්නේ මොරොක්කෝවය.ඔවුන් වත්මන් අනූ සූරයන් සමඟ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගත් අතර වත්මන් ශ්‍රේණිගත කිරීම් හි දෙව තැන සිටින කණ්ඩායම වන බෙල්ජියම පරාජය කරේය.ඒ අනුව ලකුණු සටහනේ ඔවුන් ක්‍රොඒෂීයාව හා සමව සිටියද ඊ ළඟට හමුවන්නට නියමිතව ඇත්තේ බෙල්ජියමට සහ ක්‍රොඒෂියාවට පරාජය වූ කැනඩාවය.ඒ නිසා මොරොක්කෝවට වැඩි ඉඩක් ඊ ළඟ වටයට එක්වීමට ඇති අතර ඉන් පසුව වත්මන් ශ්‍රේණිගත කිරීම් හී දෙවැනියාට හෝ ලෝක අනු සූරයන්ට ඉඩක් ලැබෙනු ඇති බව සිතිය හැකිය.

මේ තත්ත්වය මත සමහර විට ඊ ළඟ වටයට බලාපොරොත්තු සහගත කණ්ඩායම්වලට වඩා අහඹු කණ්ඩායම් පැමිණිමට වැඩි ඉඩක් පවතින අතර ඉක්වදෝරය වැනි කණ්ඩායමක් තරගාවලියේ ඉරණම වෙනස් කරන කණ්ඩායම් අතර විශාල වෙනසක් කරන්නට ද ඉඩ ඇත.තරගයෙන් තරගයට ප්‍රතිවාදියාට සාපේක්ෂව වෙනස්වීමේ හැකියාව මත ජයග්‍රහණය රැඳෙනු ඇත.දක්ෂයා තරගයට සාපේක්ෂව තීරණය කරනු විනා තරගයකින් පැවසීමට නොහැකි මට්ටමට තරගයෙන් තරගයට කණ්ඩායම්වලට මුහුණ දීමට ඇති ස්වභාවය වෙනස් වෙමින් පවතින බව පැහැදිළි වෙමින් ඇත.

කෙසේ නමුත් ලෝක සූර ප්‍රංශයේ මබාපෙ මෙන්ම අනූ සූර කොඒසියාවේ ඉකුත් ලෝක කුසලාන තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ ලුකා වැන්නන් ද පහසුවෙන් තමන්ගේ තත්ත්වය පහතට දමා ගන්නට සූදානම් නැති බව පෙන්වමින් ඇත.තරගයක් පරාජය වුව ද ආර්ජෙන්ටිනාවේ මෙසී ද,පෘතුගායේ රොනාල්ඩෝ ද මෙන්ම බ්‍රසීලයේ එකකට එකක් වෙනස් නැති රිචර්ලිසන්,නේමාර්,ඩැනිලෝ වැනි පෙර පෙළ ක්‍රීඩකයින් ද ප්‍රතිවාදි හුස්මක වෙනස පවා තමන්ගේ ජයග්‍රහණ බවට පෙරළාගත හැකි සූක්ෂම ක්‍රීඩකයෝය.ඒ තරමටම වේගවත් මනරම් ක්‍රීඩා රටාවන් හී විශ්මිත උරුමක්කරුවෝය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan