මුදා හරින ලද මුළු ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව 50 ඉක්මවයි! තුන් හැවිරිදි නිවුන් දරුවන්ද ඒ අතර.

0
217

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (27) රාත්‍රියේදී, තුන් හැවිරිදි නිවුන් දරුවන් ඇතුළු තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 11 දෙනෙකු හමාස් සංවිධානය විසින් නිදහස් කර ඇති බව ඊශ්‍රායලය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඒ අනුව මුදා හරින ලද මුළු ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව 50 ඉක්මවා ඇති බවත්, නිදහස් කළ ප්‍රාණ ඇපකරුවන් වෙනුවට, පලස්තීනුවන් 33 දෙනෙකු ඊශ්‍රායල සිරකඳවුරුවලින් නිදහස් කර ඇති බවද සඳහන් වේ.

Israeli soldiers walk on grassy terrain near Israel’s border with Gaza in southern Israel, October 12, 2023. REUTERS/Amir Cohen

ඔවුන් ඉදිරිපත් කළ වාර්තාවල දැක්වෙන පරිදි එලෙස නිදහස් කර ඇත්තේ, ළමුන් 30 ක් සහ කාන්තාවන් තිදෙනෙක් බවද සඳහන් වේ. දින හතරක සටන් විරාමය අවසන් වීමට පැය කිහිපයකට පෙර කටාරය ප්‍රකාශ කළේ ඊශ්‍රායලය සහ හමාස් දෙදින දීර්ඝ කිරීමට එකඟ වී ඇති බවයි.

එක්සත් ජනපද ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි පවසන්නේ, ඉදිරි දින දෙක තුළ තවත් කාන්තාවන් සහ ළමුන් 20 දෙනෙකු නිදහස් කිරීමට හමාස් සංවිධානය කැපවී සිටින බවයි.

ඊයේ (27) දිනයේ ආධාර සංවිධාන විසින් බෙදා හරින ලද ආහාර, ඉන්ධන සහ ඖෂධ සමග තවත් මානුෂීය සැපයුම් ලොරි ප්‍රමාණයක් ගාසා තීරයට ඇතුළු වී ඇති බව වාර්තා වේ.

ඔක්තෝබර් 7 වැනිදා එල්ලවූ හමාස් ප්‍රහාරයෙන් පුද්ගලයන් 1200ක් මිය ගිය අතර 240ක් පමණ ප්‍රාණ ඇපයට ගැනුණු අතර, එතැන් පටන් ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර හමුවේ පුද්ගලයින් 14,500 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ගාසා හි හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.