සංශෝධිත උසස් පෙළ කාල සටහන නිකුත් වෙයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ (LNW):

ඇදහැලුණු වර්ෂාවත් සමඟ ඇතිවූ අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළින් දෙසැම්බර් 21 ,23,27,28 , 30 සහ 31 දිනවල අ.පො.ස.උසස් පෙළ විභාගය පැවැත්වීමට අදාළව සංශෝධනය කරන ලද විභාග කාල සටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇත.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දෙසැම්බර් 04 දා සිට 20 දක්වා පෙර කාල සටහනේ සඳහන් විෂයන් එම දිනවල නියමිත ලෙස පැවැත්වෙන බවයි.

විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා මහතා  පවසන්නේ, ලා දුඹුරු පැහැයෙන් නිකුත් කර ඇති මෙම සංශෝධිත කාල සටහනේ පිටපතක් උසස් පෙළ සියලුම අපේක්ෂකයන් සඳහා සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන දෙසැම්බර් 07 දා විභාග මධ්‍යස්ථානවලදී ලබා දෙන බවයි.

අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් කියා සිටියේ, ඒ ඒ අපේක්ෂකයන් සඳහා තමන්ට නියමිත විෂයන් සඳහාවූ කාල සටහන විහාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර බාගත කර ගැනීමට පහසුකම් සලසන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්තානය ඉදිරියේ ශ්‍රී ලංකාවට ෆුට්සාල් පරාජයක්

දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහභාගි...

අගමැති හරිනි ස්විස්ටර්ලන්තයට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි...

කිසිවෙකුට කිසිවකින් දෙවැනි නොවුණු සාරංග LANKA RIDE කිරුළු පළදයි

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: වර්ෂ 2011 දී මාතරින්...

ඉරාන උත්තරීතර නායකයාට එරෙහිව එල්ල කරන ඕනෑම ප්‍රහාරයක් සිය රටට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් වනු ඇතැයි ඉරානය අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...