සංශෝධිත උසස් පෙළ කාල සටහන නිකුත් වෙයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ (LNW):

ඇදහැලුණු වර්ෂාවත් සමඟ ඇතිවූ අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළින් දෙසැම්බර් 21 ,23,27,28 , 30 සහ 31 දිනවල අ.පො.ස.උසස් පෙළ විභාගය පැවැත්වීමට අදාළව සංශෝධනය කරන ලද විභාග කාල සටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇත.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දෙසැම්බර් 04 දා සිට 20 දක්වා පෙර කාල සටහනේ සඳහන් විෂයන් එම දිනවල නියමිත ලෙස පැවැත්වෙන බවයි.

විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා මහතා  පවසන්නේ, ලා දුඹුරු පැහැයෙන් නිකුත් කර ඇති මෙම සංශෝධිත කාල සටහනේ පිටපතක් උසස් පෙළ සියලුම අපේක්ෂකයන් සඳහා සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන දෙසැම්බර් 07 දා විභාග මධ්‍යස්ථානවලදී ලබා දෙන බවයි.

අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් කියා සිටියේ, ඒ ඒ අපේක්ෂකයන් සඳහා තමන්ට නියමිත විෂයන් සඳහාවූ කාල සටහන විහාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර බාගත කර ගැනීමට පහසුකම් සලසන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...