ආපදාව නිසා රට තුළ සිරවූ විදේශිය සංචාරකයින් සඳහා වීසා පහසුකම් කඩිනමින්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW :

රට තුළ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින විදේශිය සංචාරකයින් සඳහා වීසා පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

එහිදී , පහත ආකාරයට අදාළ වීසා පහසුකම සැලසීමේ දී සිදුකරන ලබන ක්‍රියාමාර්ගයන් වේ.

1. ගුවන් යානා අවලංගු වීම හා ගමනා ගමන දුෂ්කරතා නිසාවෙන් රටින් පිටවීමට නොහැකිව වීසා අවසන් වූ විදේශිය සංචාරකයින් සඳහා 2025.11.28 දින සිට ඉදිරි දින 7ක් දක්වා කාලයක් සඳහා දඩ හෝ විසා ගාස්තුවකින් තොරව ගුවන් තොටුපොළවලින් පිටවීමට අවස්ථාව සැලසීම.

2. මේ වන විට ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කෙටි කාලීන හෝ දිගු කාලීන විසා අවසන්ව තව දුරටත් විසා කාලය දිගු කරගැනීමට බලාපොරොත්තුවන විදේශිකයින් සඳහා 2025.11.28 දින සිට ඉදිරියට දින 07ක කාලයක් සඳහා දඩ අයකිරීමකින් තොරව වීසා දීර්ඝ කරගැනීම සදහා සහන කාලයක් ලබා දීම.

3. කෙටි කාලීන සංචාරක වීසා බලපත්‍ර දීර්ඝ කිරීම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාර්ගගත ද්වාරය හරහා සිදුකළ හැක: 

https://eservices.immigration.gov.lk/vs/login.php

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...

Rebuilding Sri Lanka:දිට්වා අපදාවෙන් නැගිටීම සහ අරමුදල් කළමනාකරණය – ඉදිරිය කෙබඳුද?  

ආශිකා බ්‍රාහ්මණ  කොළඹ LNW:ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ දරුණුතම ස්වාභවික ව්‍යසනයට...

කව්ශිනි ගේ සටනේ අභිලාෂය ගිලිහෙයි – හර්ෂිතාලට පළමු පරාජය

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට්...

තර්මිකා ඇති කළ විශ්වාසය නේපාල කාන්තා ෆුට්සාල් සිහිනය බිඳ දමයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): දකුණු ආසියාවේ නේපාල...