“ජාතික සෞඛ්‍ය ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය“ අඛණ්ඩව ක්‍රියාත්මකයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW :

මේ වන විට පැය 24 පුරා, පවතින ආපදා තත්ත්වය හමුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් “ජාතික සෞඛ්‍ය ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය“ අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබෙන බව දන්වා සිටී.

මෙම මධ්‍යස්ථානය මඟින් සෞඛ්‍ය ආපදා කළමනාකරණය සඳහා සෞඛ්‍ය අංශ සහ අදාළ ආයතන අතර සම්බන්ධීකරණයක් ගොඩනගා ගැනීම සඳහා කටයුතු කරන අතර ඊට අමතරව හදිසි අපදා තත්වය හේතුවෙන් මතුවී ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු පිළිබඳව ක්ෂණිකව ක්‍රියාත්මක වීමේ වැඩසටහනක් ද ක්‍රියාත්ක කර ඇත.

තවද, පොදු මහජනතාවට, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්ට, ඕනෑම ආයතනයකට, සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ අවශ්‍ය කරුණු දැන ගැනීම සඳහා හැකිවන පරිදි පැය 24 පුරා ක්‍රියාත්මක වන හදිසි ඇමතුම් අංකයක් ද මෙම මධ්‍යස්ථානය හඳුන්වා දී ඇත.

එහි අංකය 1926 වනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කර සිටින්නේ, මෙම අංකය භාවිතා කර හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මතුවන සෞඛ්‍ය ගැටළු සහ අනෙකුත් සෞඛ්‍ය අවශ්‍යතා පිළිබඳව උපදෙස් සහ අවශ්‍ය සහයෝගයන් ලබා ගන්නා ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...