ජාතික ජන බලවේගය බලයට පැමිණියා කියා සමස්ත වශයෙන්ම පොලීසිය යහපත්වී නොමැති බවත් අවාසනාවන්ත සිදුවීම් එකක් දෙකක් ඇතැම් ස්ථානවල සිදුවන බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
“අපේ රජය බලයට පැමිණීමේදී දුන් පොරොන්දු රාශියක් අතරින් ප්‍රධානම එකක් වෙන්නේ නීතියේ විධානය පිහිටුවීමත්, නීතියේ විධානයේ ආධීපත්‍ය ස්ථාපනය කිරීමත්, මේ රටේ අධිකරණ පද්ධතියේ තියෙන නඩු වේගවත් කිරීමත්, දූෂිතයින් වංචනිකයින් අධිකරණය ඉදිරියට පමුණුවා කාර්යක්ෂම ලෙස නඩු ඇසීමත් කියන කාරණා පෙරදැරි කරගෙන. එම කටයුත්තේදී ආනන්ද විජේපාල ඇමතුමා විසින් පසුගිය වසර දෙක තුළ ඉතාම සාධනීය කාර්යභාර රාශියක් කර තිබෙනවා. ඉස්සර වගේ නෙවෙයි දැන් නීතිය ක්‍රියාත්මකයි. හැබැයි මම නැහැයි කියලා කියන්නේ නැහැ, අපි බලයට ආවායි කියලා සමස්ත වශයෙන්ම පොලීසිය යහපත් වෙලා හොඳවෙලා නෑ. අවාසනාවන්ත සිදුවීම් එකක් දෙකක් වෙනවා. හැබැයි වෙනස මොකක්ද ? ඉස්සර වරදක් කරන පොලිස් නිලධාරී මහත්තයෙක්ට තමන්ගෙ හිතවත් දේශපාලනඥයෙක්ගෙන් ආරක්ෂාව ලැබුණාට අපේ ආණ්ඩුවේ දේශපාලනඥයින්ගෙ එහෙම ආරක්ෂාව ලැබෙන්නෙ නැහැ”
හර්ෂණ නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊයේ (28) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.


