රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW:
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන සිල්ලර මිලෙහි සංශෝධනයක් සිදු කර ඇත.
මේ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 30.00කින් පහළ දමා ඇත.
එහෙත්, මෙම මිල අඩු කිරීම පෙට්‍රල් 92 සඳහා පමණක් සීමා වී ඇති අතර, අනෙකුත් සියලුම ඉන්ධන වර්ගවල පැවති මිල ගණන් කිසිදු වෙනසකින් තොරව නොවෙනස්ව පවතියි.
ඒ අනුව, පෙට්‍රල් 95, සුදු ඩීසල්, සුපිරි ඩීසල් සහ භූමිතෙල් යන සෙසු ඉන්ධනවල මිලෙහි කිසිදු අඩු කිරීමක් හෝ වැඩිවීමක් සිදු කර නැත.
මෙම නව මිල වෙනස්වීම දිවයින පුරා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් සංස්ථාවේ මාධ්‍ය අංශය හා සම්බන්ධ වී ලබාගත හැකි බවට දන්වා සිටියි.


