*
Monday, May 13, 2024
spot_img

Latest Posts

ක්‍රීඩා සාහිත්‍යවේදියාගේ රන් සම්මානය බන්දුල වර්ණපුර නමින්

සබුද්ධි සාහිත්‍ය කවය විසින් තෙවැනි වරටත් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ටෙලිකොම්-මොබිටෙල් “සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ ක්‍රීඩා සාහිත්‍යවේදියා වෙනුවෙන් පිරිනැමෙන රන් සම්මානය බන්දුල වර්ණපුර අනුස්මරණ කුසලානය ලෙස මෙවරත් නම් කිරීමට තීරණය කර තිබීම විශේෂත්වයකි. එසේම මෙරට ක්‍රීඩා සාහිත්‍යයට කරනු ලබන සේවාවන් වෙනුවෙන් විද්‍යුත් , මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ජාලා යන අංශ තුනටම අදාලව සම්මාන පිරිනැමීමටද මෙම සම්මාන උළෙලේදී සැළැසුම් කර ඇත.
අකාලයේ සිය දිවියෙන් සමුගත් ශ්‍රී ලාංකීය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් නායකයා වූ බන්දුල වර්ණපුර මහතා ක්‍රීඩකයෙකු ලෙස පමණක් නොව ක්‍රිකට් ක්ෂේත්‍රෙය් ඉහළම පරිපාලකයෙකු දක්වා ක්‍රීඩා සාහිත්‍යයට කළ සේවාව ඇගයීමක් වශයෙන් මෙසේ අනුස්මරණය කෙරෙනු ඇති බවද පැවැසේ. ක්‍රීඩා මාධ්‍යවේදීන් මෙන්ම සාහිත්‍යවේදීන්ගේ හා විද්‍යාර්ථීන්ගේ නිර්මාණ ඇගයීමට ලක්කරමින් ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන එකම සම්මාන උළෙල ලෙස සැළැකෙන මෙම සම්මාන උළෙලේදී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහභාගී වීමට නියමිත අතර නිල සහයෝගීතාව දක්වමින් ක්‍රීඩා අමාත්‍යංශයද සම්මාන උළෙලට දායක වනු ඇත.
ලබන දෙසැම්බර් මස 2දා පැවැත්වීමට නියමිත මෙවර සම්මාන උළෙලේදී පසුගිය වසරේ පිරිනමන ලද සම්මාන වලට අමතරව වසරේ හොඳම ප්‍රාදේශීය ක්‍රීඩා වාර්තාකරුවාටද සම්මානයක් පිරිනැමෙනු ඇත. තවද වසරේ ක්‍රීඩා සාහිත්‍ය ඡායාරූපය, වසරේ ක්‍රීඩා විද්‍යාත්මක කෘතිය සහ වසරේ ක්‍රීඩා සාහිත්‍ය පර්යේෂන කෘතිය යන අංශ තුනට අදාළවද සම්මාන පිරිනැමෙනු ඇත. මෙම වසරේ ක්‍රීඩා සාහිත්‍ය පර්යේෂන කෘතිය පිළිබඳව සළකා බැලීමේදී මෙරට විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා පර්යේෂන අධ්‍යයනයන් පිළිබඳව සකස් කරන ලද ප්‍රකාශන මෙම සම්මාන ඝනයට අයත් වේ. එසේම විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරණ විද්‍යාර්ථින් උදෙසා මෙතෙක් මෙරට තුළදී පිරිනමනු ලබන ප්‍රථම ක්‍රීඩා සාහිත්‍ය සම්මානය මෙය ලෙසද සැළැකිය හැකිය.
ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම්-මොබිටෙල් ආයතනයේ ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් එළැඹෙන දෙසැමිබර් 2දා පස්වරු 3.00 ට කොළඹ – 7 ක්‍රීඩා අමාත්‍යංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී ආරම්භ වීමට නියමිත මෙම සම්මාන උළෙලේදී ඉහත සඳහන් සම්මාන හතරට අමතරව ක්‍රීඩා සාහිත්‍යමය වශයෙන් ඇගයීමට ලක්කරන තවත් අංශ දහයක්ද ඇතුළත් කර ඇත.
එනම් නව මාධ්‍ය, දිනපතා සහ සති පතා පුවත්පත්, ගුවන් විදුලිය, රූපවාහිනිය, ක්‍රීඩා සාහිත්‍ය විවිධ විෂයක කෘතිය, ක්‍රීඩා සාහිත්‍ය ශාස්ත්‍රීය කෘතිය, සබුද්ධි ක්‍රීඩා සම්මානය (වසරේ ජාත්‍යන්තර මට්ටමෙන් ලද ඉහළම ජයග්‍රහණය වෙනුවෙන්), සබුද්ධි රන් සම්මානය (ක්‍රීඩා සාහිත්‍යය වෙනුවෙන් කළ සේවයට ජීවිතයට එක් වරක් පමණක් පිරිනැමෙන) හා වසරේ ක්‍රීඩා සාහිත්‍යවේදියා යන අංශ වලට අදාළව මාධ්‍යවේදීන් සහ සාහිත්‍යවේදීන් සම්මානයට පාත්‍රවනු ඇත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan