*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

චීන ජනපතිට එරෙහි විරෝධතා තුන්වන දිනටත් අඛණ්ඩව : ෂැංහයි හි පොලිසිය සමඟත් ගැටුම්

චීනයේ ශුන්‍ය COVID සීමා කිරීම්, නිරන්තරව වන පරික්ෂණ සහ ලුහුබැඳීම් හේතුවෙන් පැන නැඟි විරෝධතාවයන් තුන්වන දිනටත් අඛණ්ඩව පැවැත්වෙන බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මේත් සමඟ දහස් ගනනක් වූ විරෝධතාකරුවන් හා ෂැංහයි පොලීසිය අතර ගැටුම්ද වාර්තා වෙමින් තිබේ. විරෝධතාවය වාර්තා කරමින් සිටි බීබීසී වාර්තාකරුවකුවන එඩ් ලෝරන්ස්හට ෂැංහයි පොළිසීය විසින් පහර දී රඳවා තබාගෙන සිටි බවට එක්සත් රාජධානියේ මහජන විකාශකයෙකු සිය කනස්සල්ල ප්‍රකාශ කර තිබේ.

බොහෝ රටවල් වසංගත ආශ්‍රිත සීමාවන් ඉවත් කර තිබියදීත් චීනය තවදුරටත් අතිශය දරදඩු ලෙස සිය ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියක ඇලී සිටියි. මේ හේතුවෙන් බීජිං, වූහාන්, ෂැංහයි, චෙංඩු ආදී ප්‍රධාන නගර හා අගනගර වල දස දහස් ගනින් වූ විරෝධතාකරුවන් අඟුලු ලෑම නතර කරන ලෙසත්, මුහුණු ආවරණ ඉවත් කර නිදහස ලබා දෙන ලෙසත් සිය සටන් පාඨ ඉදිරිපත් කර තිබේ.

මේ වන විට පවතින තත්වය පාලනය කිරීම සඳහා පොලීසිය විශාල වශයෙන් මර්දනකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කළද විරෝධතාවයේ අඩුවක් දක්නට නොලැබේ. ආණ්ඩු වීරෝධී වීම හා ජනාධිපතිවරයා විවේචනය චීනයේ සාමාන්‍ය දෙයක් නොවන අතර එලෙස විවේචනය කරන්නන් වෙනුවෙන් දඬුවම් පැමිණිය හැකිය. සිරගත කළ හැකිය. එවැනි තත්වයන් තිබියදී පවා මෙලෙස විරෝධතාකරුවන් පෙළ ගැසීම ෂී ජින්පින්ගේ කොමියුනිස්ට් පක්ෂයටද බලවත් පීඩනයක් බවට පත්ව ඇත.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි නියෝජ්‍ය කලාපීය අධ්‍යක්ෂ හනා යන්ග් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. “මෙම පෙර නොවූ විරූ විරෝධතා පෙන්නුම් කරන්නේ මිනිසුන් අධික Covid-19 සීමා කිරීම් සඳහා ඉවසීමේ අවසානයෙහි සිටින බවයි. ඒ අනුව පුද්ගලික ආරක්ෂාවට තර්ජනයක් වන සහ අනවශ්‍ය ලෙස ගමන් කිරීමේ නිදහස සීමා කරන සියලුම නිරෝධායන පියවර අත්හිටුවිය යුතුය.

කෙසේ නමුත් ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය තුළ මේ වන ව්ට චීනයේ සිද්ධි සංඛ්‍යා දින ගණනක් වාර්තාගත ඉහළ මට්ටම් කරා ළඟා වී ඇති අතර, බලධාරීන් විසින් ඔවුන්ගේ සඳුදා(28) යාවත්කාලීන කිරීමේදී නව රෝගීන් 40,000 කට වඩා වාර්තා කර තිබිණි. ප්‍රාදේශීය අගනුවර මිලියන හතරක ජනතාවගෙන් බොහෝ දෙනෙකුට දින 100 ක් තරම් කාලයක් තම නිවෙස්වලින් පිටවීම තහනම් කර ඇති බවද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව වාර්තා කර තිබුණේ සියල්ලටම ගැලපෙන නව ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට හා අධික ප්‍රතිපත්ති පියවරයන් වලක්වා ගැනීමට මේ වන විට විවිධ පළාත් පාලන ආයතන වෙත නිලධාරීන් යවා ඇති බවයි.

යේල් විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ඩෑන් මැටිංලි මාධ්‍ය වෙත වාර්තා කර තිබුණේ ෂී ගේ පැත්තේ චීනයේ ප්‍රභූ පැලැන්තිය සහ හමුදාව සිටින තාක් කල්, ඔහුගේ බලය අල්ලා ගැනීමේ කිසිදු අර්ථවත් අවදානමකට ඔහු මුහුණ නොදෙන නමුත් 1989 දී ටියනන්මෙන් චතුරශ්‍රයේ ලේ වැකි මර්දනයකින් විරෝධතා කූටප්‍රාප්ත වූ විට ඇති වූ නොසන්සුන්තාව හා සමාන නොසන්සුන්තාවක් මේ වන විට රට තුළ ඇතිව ඇති බවයි.

සශිකලා මධුෂාණී_ අවුට්බවුන්ඩ් ටුඩේ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan