බ්‍රසීලය සහ පෘතුගාලය දෙවන ජයග්‍රහණ සඳහා පිවිසෙයි

Date:

මෙවර පාපන්දු ලෝක කුසලානයේ හිමිකාරීත්වය දරනු ඇතැයි වැඩිම විශ්වාසයක් දිනා සිටින බ්‍රසීල කණ්ඩායම ස්විට්සර්ලන්තයට එරෙහිවත්,තවත් විශ්වසනීය කණ්ඩායමක් වන පෘතුගාලය උරගුවේ කණ්ඩායමට එරෙහිවත් ජයග්‍රහණ වාර්තා කර ගන්නට සමත් වුණා.බ්‍රසීලය සහ ස්විට්සර්ලන්තය අතර තරගයේ ලකුණු තත්ත්වය 1 – 0 ක් සේ සටහන් වූ අතර පෘතුගාලය සහ උරුගුවේ කණ්ඩායම් අතර තරගයේ ලකුණු තත්ත්වය ගෝල 2 – 0 ක් වුණා.
බ්‍රසීලය සිය සුපිරි ක්‍රීඩකයෙක් වන නේමාර් ගේ ආබාධ තත්ත්වය නිසා ඔහු නොමැතිව තරගයට පිවිස තිබුණා.එසේම මුල් කාර්තුවේදී ඩැනිලෝ,බෘනෝ,ඇන්තනී වැනි ක්‍රීඩකයන්ගේ සේවය ලබා ගත්තෙත් නැහැ.මුල් කාර්තුව ගෙවුණු පසු 58 වන විනාඩියේදී බෘනෝ ද,73 වන විනාඩියේදි ඇන්තනී ද පිටියට කැදෙව්වා.ඒ වන විටත් එකඳු ගෝලයක්වත් වාර්තා නොවි තිබියදී රිචල්සන්ව ද එළිට කැඳ වූ බ්‍රසීලය ඒ වෙනුවට ජේසු ආදේශ කරා.ඔවුන්ට තරගය තුළ තිබුණ විශ්වාසය තහවුරු කරමින් අපූරු වේගවත්,නිවැරදි පන්දු හුවමාරුවක් හරහා කැස්මිරොගේ පාදයෙන් ගෝලයක් වාර්තා වෙද්දී තරගය තිබුණේ 83 වන විනාඩියට පැමිණයි.


පාතුගාල තරගයද ගෝල වාර්තා නොවි ප්‍රථම භාගය ගෙවී ගියා.කණ්ඩායම් දෙකම ප්‍රබල කණ්ඩායම් වුව ද,පෘතුගාලයේ කිස්ටියානෝ රොනාල්ඩෝ ගැන ලෝකයේම වැඩි අවධානයක් යොමු වී තිබුණා.ප්‍රථම අර්ධය නිමා වි තරගයේ 54 වන විනාඩිය ගෙවෙද්දී බෘනෝ පර්නැන්ඩස් ක්‍රියාත්මක වුණා.එතැනි සිට තරගය 1 – 0 ක් ලෙස ඉදිරියට ඇඳුණ අතර 82 වන විනාඩියේදී රොනාල්ඩෝවෙනුවට ජොආඕ ද කැඳවීමට තරම් පෘතුගාලයට විශ්වාසයක් තිබුණා.අවසානයේ විනාඩි 90 ගෙවී දිවෙන ඉතිරි විනාඩි කිහිපයේදී යළිත් පර්නැන්ඩස් ක්‍රියාත්මක වෙමින් පෘතුගාල ගෝල සංඛ්‍යාව 2 දක්වා ඉහළ නැං වූවා.


දකුණු කොරියාව අප්‍රිකානු පාපන්දුවේ ප්‍රවේගකාරී රටාව සමඟ කරට කර සටනක් කරමින් තරගයේ 68 වන විනාඩිය දක්වා 2 – 2 ක් රෙස් රැඳී සිටියද,68 වන විනාඩියේදි ඝානා හී කුඩුස් මොහොමඩ් ගෝලයක් රැස් ,ඝානා ගෝල ප්‍රමාණය 3 දක්වා ඉහළ නංවා ඝානාවේ ජය මාවත තහවුරු කළා.ඔහු මේ තරගයේදි ලබා ගත් දෙවන ගෝලය එය වුණා.


අතිශයින් උද්වේගකර තත්ත්වයන්ගෙන් පිරුණු තරගයේ අවසාන මොහොතට පෙර විනිසුරු ඇන්තනී ටේලර් භාහිරෙන් ඇතුළට කෙරුනු අනවශ්‍යය බලපෑම් සේ සකා කොරියානු කළමණාකාරු පොලෝ බෙන්ටෝ ට රතු කාඩ් අවවාදය දෙනු ලැබුවා.


තවත් අපූරු තරග අත්දැකීමක් ලබා දෙන්නට සර්බියාව සහ කැමරුන් කන්ඩායම් ඊයේ සමත් වුණා.තරගයේ පළමු අර්ධය නිමාවේ කැමරුන් කණ්ඩායම 1 – 0 ක් ලෙස පෙරමුණේ සිටියා.නමුත් දෙවන අර්ධය ඇරඹි මුල් විනාඩි පහ ගෙවෙද්දි පළමු විනාඩි තුළ සර්බියාව ගෝල දෙකක් ලබා ගත්තා.ඉනික්බිති 53 වන විනාඩියේදී තවත් ගෝලයක් ලබා ගනිමින් 3 – 1 ලෙස ස්ර්බියාව පෙරමුණේ රැඳුණා.නමුත් යළිත් 63 වන සහ 66 වන විනාඩිවල නැවතත් ගෝල් ලබා ගත් කැමරුන් තරගයේ තීරණ්‍ය සමව බෙදා ගත්තේ තරගය 3 – 3 ක් සේ ජය පරාජයෙන් තොරව අවසන් කරමින්.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...