*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ගල් අඟුරු ටෙන්ඩර් ගැටළු මුළු බලශක්ති උත්පාදනයෙන් 40% ක් අහිමි කරන අවදානමක්!

ගල් අඟුරු ටෙන්ඩර් සඳහා ලංසුකරුවන් නොමැති වීම හේතුවෙන් මෑත කාලිනව ගල් අඟුරු ආනයන සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව විසඳීමට බලශක්ති අමාත්‍යාංශය පොරබදමින් සිටින බැවින් එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව මුළු බලශක්ති ඉල්ලුමෙන් සියයට 40 ක විදුලි උත්පාදනය අහිමි වීමේ වැට මායිමේ සිටින බව අනාවරණය විය.

බලශක්ති අමාත්‍යාංශය,නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගල් අඟුරු සැපයීමේහිලා අපොහොසත් වී ඇත්තේ ලංකා ගල් අඟුරු සමාගම (LCC) විසින් පසුගියදා කැඳවූ වාර සහ ස්ථානීය ටෙන්ඩර් දෙකටම ගල් අඟුරු සැපයීමට එකදු සැපයුම්කරුවෙකුවත් ණය පදනම මත ලංසු ඉදිරිපත් කර නොතිබීම නිසාය.

මෙසේ කොන්ත්‍රාත්තුව හැකි ඉක්මනින් සැපයුම්කරුවෙකුට ලබා දීමට සමාගම අපොහොසත් වුවහොත් ඉදිරි මාස කිහිපය තුළ දීර්ඝ කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව බලශක්ති අමාත්‍යාංශ ආරංචිමාර්ග අනාවරණය කරයි.

කෙසේ වෙතත් ගල් අඟුරු සැපයීම සඳහා සැපයුම්කරුවන් පෙර ගෙවීමක් ඉල්ලා සිටින බැවින් වත්මන් ඩොලර් අර්බුදය හේතුවෙන් එවැනි ගෙවීම් කිරීමට රජයට හැකියාවක් නැත.

නොරොච්චෝලේ බලාගාරය සඳහා ගල් අඟුරු සැපයීම සඳහා සැපයුම්කරුවන් කැමැත්ත ප්‍රකාශ කිරීම් ඉදිරිපත් කරන ලෙසට අදාළ දැන්වීම LCC විසින් පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරන ලද්දේ දෙසැම්බර් 1 වැනිදා හෝ ඊට පෙර අවසන් දිනය ලෙස නියම කරමිනි.

සෑම වසරකම ඔක්තෝම්බර් සිට අප්‍රේල් දක්වා කාල වකවානුව තුළ ගල් අඟුරු ගොඩබෑම සිදු කරන බැවින් ලංකා ගල් අගුරු සමාගම (LCC) විසින් එම සමයේදී ප්‍රමාණවත් තොග ආනයනය කිරීමට සිදුවේ.

නීතිමය ගැටලු මත සහ ලංසුකරුවන් උපදෙස් අනුගමනය කිරීමෙහි ලා අපොහොසත් වීම හේතුවෙන් එම ටෙන්ඩරය ප්‍රදානය කිරීම දෙවරක් අවලංගු කිරීමට සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැන් රජයේ බලධාරීන්ට අසීරු කටයුත්තක් බවට පත්වී හමාරය.

තවද දෙවන ටෙන්ඩරයට ලංසු ඉදිරිපත් කළ Browns/CMEC සහ ඩුබායි පදනම් කරගත් සමාගමක් වන Coral Energy යන සමාගම් ද්විත්වයෙන් එක් සමාගමකට ටෙන්ඩරය සඳහා අවසර දුන්නේ නම් ලංකා කෝල් (පුද්ගලික) සමාගමට රුපියල් බිලියන 30 ක අතිවිශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇතැයි බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

එයට හේතුව වන්නේ එම සමාගම් විසින් පළමු ටෙන්ඩර් ජයග්‍රාහකයා වන Suek AG/Black Sand විසින් දක්වන ලද මෙට්‍රික් ටොන් එකකට USD 312 යන අගය USD 250-290 වැනි ඉතාම පහළම මට්ටමට පහත දැමීමයි.

මේ වන විට ලංකාව ගල් අඟුරු මෙට්‍රික් ටොන් 240,000ක් පමණ සුරක්ෂිත කර ගැනීමට සමත් වී ඇති අතර දැනටමත් ගොඩබා ඇති නැව්ගත කිරීම් හතරක් සඳහා සම්පූර්ණ ගෙවීම් කර ඇති බැවින් ලබන වසරේ ජනවාරි මස මුල දක්වා එය ප්‍රමාණවත් වනු ඇති බව රජය විශ්වාස කරයි.

මේ නිසා ජනවාරි මස අග වන විට ගල් අඟුරු සැපයීමේ නොහැකයාව හේතුවෙන් ලක්විජය බලාගාරයේ ක්‍රියාකාරිත්වය බිද වැටෙන අතර එය තවදුරටත් පැය ගණනක් ජනතාව අඳුරේ තැබීමට හේතුවක් වන බව බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කරයි.

කෙසේ වෙතත්, පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගල් අඟුරු ප්‍රසම්පාදනයේ දෙවන ස්ථානීය ටෙන්ඩරය සහ වාර ටෙන්ඩරය අවලංගු කිරීමට අනුමැතිය ලබාදී ඇත.

ඕවින්දි විෂ්මිකා

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan