විගමණික ශ්‍රමිකයින්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): බස්නාහිර පළාතේ කොළඹ හා ගම්පහ යන දිස්ත්‍රික්කවල විගමණික ශ්‍රමිකයින්ගේ දූ දරුවන් 289 දෙනෙකු වෙනුවෙන් රු. 7,440,000.00 ක් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනක් පැවැත්වූ බව වාර්තා වේ.

එහිදී , පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 57 දෙනෙකු වෙනුවෙන් රු.20,000.00 බැගින් රු.1,140,000.00 ක් ද, අපොස සාමාන්‍ය පෙළ සමත් දරුවන් 182 කු වෙනුවෙන් රු.25,000.00 බැගින් රු.4,550,000.00 ක මුදලක්ද පිරිනමන ලදී.

තවද, අපොස උසස් පෙළ විභාගය සමත්ව විශ්ව විද්‍යාල අධ්‍යාපන දරුවන් 50 දෙනෙකු වෙනුවෙන් රු.35,000.00 බැගින් 1,750,000.00 ක මුදලක්ද පිරිනැමූ බවද වාර්තා වේ.

මෙම වර්ෂය තුළදී 2021 වර්ෂයට අදාළව විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් 2065 දෙනෙකු වෙනුවෙන් රු. 53,945,000.00 ක මුදලක් පිරිනැමීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු යොදා ඇති බවද සඳහන් වේ.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් , කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසා ඇත්තේ, තම පවුලේ දූදරුවන්ගෙන් ඈත්ව රටේ ආර්ථිකය යහපත් කරන්න තම ජීවිතය කැපකළ විදෙස්ගත ශ්‍රමිකයින්ගේ අගය වැඩියෙන් දැනුනේ පසුගිය සමයේ විදේශ විනිමය හිගය හේතුවෙන් රටේ ආර්ථිකය කඩා වැටීමට ලක්වූ අවස්ථාවේදී බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්අඩංගුවට ගැනුණු කෙහෙළිය පවුලට ඇප!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට...

දේශීය කර්මාන්තකරුවන් රැකගත යුතුයි – විද්‍යා හා තාක්ණ අමාත්‍ය 

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : පාරම්පරික පිත්තල කර්මාන්තය...

ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම 2023–2030 එළිදැක්වීම කොළඹදි!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන,...

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රටට මහඟු ආදර්ශයක් – ජනපති අනුර

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ ලේකම්...