*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

හරීන් යා යුතු හරි පාරේ තිබිය හරි මං සළකුණු ටිකක්

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): එකම තැනකට දෙපාරක් එනව කියන එක වැදගත්. දෙවන පාර වරද්ද ගන්න තියෙන ඉඩ අඩුයි.පළමු පාර “සර් තමයි පොර” වගෙ අදහස් හිතේ පැළ කරලා බැහැල ළඟින්ම හිටපු අය හැම සර්ටම ඒක කියන,ඒකෙන් අන්දගෙන තමන්ගේ වැඩේ කරගන්න අය බව කාලයක් ගිහිං හිටපු තැන දිහා බලා ඉදලා හඳුනගන්න ලැබුණනම් මේ පාර වැඩ කරන එක පහසු වෙයි.

සර් කියන එකක් තමයි කියලා වැඩකදි අත් දෙකම උස්සන අය දිහා විමසිල්ලෙන් බලන්න ඕනි.වැරද්දක් කියලා විවේචනය කරද්දි තමන් වෙනුවෙන් පන දීගෙන ඒක හරියි කියන අයගෙ ඔවවෙ තියෙන වහල්කම මේ තනතුරට එන ඕනිම කෙනෙක් වෙනුවෙන් දං දෙන්න බලා ගෙන ඉන්න,තමන්ට පිං අත් කරගන්න ආස අයගෙ විදිහක් කියලා තේරුම් ගන්න ඕනි.රොෂාන් රණසිංහට වැඩිය වෙනස් තමන් ගන්න තීරණවලට සමහර අය දෙන “මරු” කියන කමෙන්ට්ස්ම රොෂාන් රණසිංහ කරපු දේටත් “මරු” කියලම දීලා තියෙනවා දැක්කම පුංචි දැණුමක් එයි වැඩ කරන්න ඕනි විදිහ ගැන.

වඩාත්ම වැදගත් හරීන් ප්‍රනාන්දු මේ මොහොතෙ ලංකාවෙ ක්‍රිකට් විතරක් නොවන ක්‍රීඩාව භාර ඇමති හැටියට ක්‍රීඩාවේ ප්‍රශ්න තේරුම් ගැනීමයි වැදගත්.එතනදි රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට ඔටුන්නක් විදිහට පාවිච්චි කරපු 1973 ක්‍රීඩා පණතේ 32 සහ 33 වගන්ති සම්බන්ධයෙන් පෙන්නන්න ගිය හයිය බුරුල් කරන්නම වෙනවා.එකක් ලෝකය වෙනස් වෙලා.ඊ ළඟට එන ප්‍රශ්නය වෙනත් නීතිමය කරුණුවල ප්‍රගතිය එක්ක ගත්තම ක්‍රීඩා පණතෙ ඇමතිගෙ හයියට අභියෝග කරන්න තියෙන ඉඩ විශාල විදිහට පළල් වෙලා.කිසිඳු වෙනත් නීතිමය කාරණාවක් නොසළකා ක්‍රිඩා පණතෙ ඇමතිට තියෙන බලය අනුව “මට ඕනි දෙයක් කරන්න පුළුවන්” කියන හැඟීම රොෂාන් රණසිංහගෙ ඔළුවට කා වද්දපු ඇරියස්කාර ක්‍රිඩා ජාතික සභාවක් ළං කර නොගැනීම තමයි හරීන් කළ යුතු පළමු වැඩේ.

ජාතික ක්‍රිඩා පනත ජාත්‍යන්තරයට සමීප වෙන විදිහට හදාගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඒ සඳහා ජාතික ඔලිම්පික් කමිටුව සම්බන්ධ කර ගැනීම.ඒ හරහා අමාත්‍යවරයා තෝර ගන්න කණ්ඩායමකට ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව හරහා අවශ්‍යය මඟ පෙන්වීම ලබා ගන්නට ඉඩ සකස් කිරීම.ලෝකයේ බොහෝ ක්‍රීඩාවන් ඔලිම්පික් ක්‍රිඩාවන් වීම මෙන්ම හැම ක්‍රිඩාවක්ම ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුවට ගරු කිරීමත්,කිසිඳු රටක දේශපාලන න්‍යාය පත්‍රයකට නතු නොවන ජාත්‍යන්තර බලයක් ඔලිම්පික් කමිටුව සතුව තිබෙන නිසා ද,ක්‍රීඩාවක ස්වාධීනත්වය ආරක්ෂාවන පරිදි තීරණ ගැනිමට අවශ්‍යය නීතිමය පරිසරය ක්‍රීඩා පනතකට අවශ්‍යය ආකාරයට සකසා ගැනීමට හොඳම මඟ පෙන්වීම ලැබිය හැක්කේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හරහා බව අපේ විශ්වාසය වන්නෙමු.

එම නීති අතරට අප විසින් පවත්වාගෙන යන කාරණා වඩාත් පලදායි තැනකට රැඟෙන යා හැකිය.උදාහරණයකට ජාතික ක්‍රීඩා සභාව පත්කිරීමේ දී අමාත්‍යවරයා ගනු ලබන තීරණ රටේ ක්‍රීඩාවේ යහපතට සහ අයහපතට සෘජුවම බලපාන්නේය.හිටපු අමාත්‍යවරයා සිය තෝරා ගැනීම් කිරීමේදී පවතින ක්‍රීඩා පරිපාලනය සමඟ සිත් නොහොදින් වැඩ කරන අයම ළං කරගෙන ඔවුන්ගේ උවමනාවන්ට අනුව බොහෝ ක්‍රිඩා සංගම් සමඟ ප්‍රශ්න ඇති කර ගත් බව පැහැදිළිය.එසේම ක්‍රිකට් ගැටළුව ආ විට හිටපු අමාත්‍යවරයා වීරයෙක් කර ගත්තා හැරෙන්න,ඊට පෙර තහනම් වූ ක්‍රීඩාවන් තහනම් වූ ආකාරය සහ එම තහනම ඉවත් කිරීමට අමාත්‍යවරයා හැටියට ගත් තීරණ ජාත්‍යන්තරය ඉදිරියේ වෙනස් කිරීමට සිඳු වූ බව පාර්ලිමේන්තුවට දැණුන බවවත් පෙණුනේ නැත.ඒ නිසා ක්‍රීඩාව පාර්ලිමේන්තුවේ මැදිහත්වීමක් සහිත දෙයක් කරන්නට ඇත්තේ ජාතික ක්‍රීඩා සභාව පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් සමන්විත එකක් බවට පත් කිරිමයි.අඩුම තරමේ පාර්ලිමේන්තු නියෝජිතයින් එවිට රටේ ක්‍රීඩාවක් හැටියට ක්‍රිකට් නොවන දේ ද ක්‍රියාත්මක වන බව සහ ක්‍රීඩාවට සංවේදී විය යුතු කාරණා ගැන හෝ දැන ගන්නවා සැක නැත.

ජාතික ක්‍රීඩා සභාව තනි තීරණයක් මත ගැනීම අමාත්‍යවරයාට ඔවුන්ගේ ඇරියස් ද සමඟ වළදන්නට සිඳුවන එකකි.ක්‍රීඩාවේ බොහෝ දේ ඒ ආකාරයට වැළදීම පසු ගිය කාලයේ සිඳු වූයේ මේ නිසා බව පැහැදිළි කර ගන්නට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාට හොඳම සාක්ෂියක් ඔහු සතුවම ඇත.ආසියානු රගර් සම්මේලනයේ සභාපතිවරයාට නිලවරණයේදී ඡන්දය දෙන බව පවසා ඔහුගේ විරුද්ධ අපේක්ෂකයාට ඡන්දය දීමෙන් ශ්‍රී ලංකා රගර් සමඟ විශාල තරහකින් ආසියානු සභාපතිවරයා සිටින බවට තොරතුරු ඇති සටහන යොමු වූයේ ද හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍ය ධූරයේ සිටියදී ය.ඒ තරහ නිර්මාණය කළ කෙනා රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ජාතික ක්‍රීඩා සභාවේ තබාගෙන ආසියානු සභාපතිවරයා ලංකාවට කරනු ලබන බලපෑම්වලින් අහිමිවන ස්වාධීනත්වය ගැන තර්ක කළ ශ්‍රී ලංකා සභාපතිවරයාට අකුල් හෙළුවේය.

මේ සියල්ල තේරුම් ගන්න.තමන් වටා සිටින අය නොව තමා ක්‍රීඩාව වටා සිටිය යුතු බව වටහාගන්න.පළමුව ක්‍රීඩා පණතට අත තියන්න.එසේම ක්‍රීඩා සංගම් අතර එකිනෙකා සමඟ හුවමාරුවට ඇති ඉඩ සකසා දෙන්න.වරක් රොෂාන් රණසිංහ අමාත්‍යවරයා මලල ක්‍රීඩා සංචාරයකට මුදල් නොදෙන අවස්ථාවක එය පියවීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් මලල ක්‍රීඩාවට දුන් මුදල ක්‍රීඩා අමාත්‍යංශය ගෙන්වා ගෙන සංචාරය ගොස් පැමිණ මාස ගණනකට පසුව ලබා දුන්නේය.මලල ක්‍රීඩා සංගමයේ නිලධාරීන් කිහිප දෙනෙක් එකතුව එම මුදල ඒ මොහොතට පියවා සංචාරය නොයැව්වෙනම් එම සංචාරයද පදක්කම් ද ශ්‍රී ලංකාවට අහිමි වන්නට තිබිණ.

ඒ නිසා ක්‍රිකට් වේවා වෙන සංගමයක් වේවා තවත් සංගමයකට උපකාර කරන්නේනම් ඒවා ස්වාධීනව සිඳු විමට ඉඩ දෙන්න.දෙන සහ ගනු යන දෙපාර්ශවයේම වියදම් විගණනයට ලක් කිරීම හැරෙන්න එසේ සිඳුවන අන්තර් සංගම් අතර ගනු දෙනු සඳහා ක්‍රීඩා අමාත්‍යංශය බාධාවක් නොවීම වැදගත්ය.ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි රොෂාන් රණසිංහ ද ශ්‍රී ලංකා ක්‍රිකට් සිඳු කළ බොහෝ ප්‍රදානයන් හී දායකයෙක් ලෙස පෙනී සිටීමට ඡායාරූපවලට ද ආ බව අපි දැක ඇත්තෙමු.පිළිකා ඖෂධ සඳහා මුදල් ලබා දුන් අවස්ථාවලද ක්‍රීඩා අමාත්‍යවරයා කැඳවා තිබිණි.

නමුත් කවුරුන් හෝ අමාත්‍යවරයාය කිති කවා ඔහුගේ අමාත්‍ය බලය ගැන කළ කුලප්පුව නිසා අමාත්‍යවරයා කළේ ශම්මිලා පිංතූරයේ නැතුව,තමන් පමණක් පිංතූරයේ සිටින ආධාර වැඩ පිළිවෙලක් ක්‍රිකට් සල්ලි හරහා සකසා ගන්නය.එය වන්නට ඇත්තේ “ස්ර් බලය පාවිච්චි කරලා සල්ලි ගෙන්න ගෙන තනියෙන් බෙදන්න” වැනි මුග්ධ උපදේශයක් වන්නට තියෙන ඉඩ විශාලය.ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ඇමති කෙනෙක් ලෙස මෙවැනි බොරු වලවල් ද ඒවා කපන අයට ඕනි ඇමතිවරු ගොඩ දැමීම නොව වැටුණට පසුව හෝ ඔළුවට පය තබා තමන්ගේ අරමුණට එතෙර වන්නට බව ද අමුතුවෙන් කිව යුතු නැති බව අපි සිතමු.

එසේනම් සුබ පතන්නෙමු.හඬට වඩා වැඩ බලාපොරොත්තුවන බව ද කියන්නෙමු.නැතිනම් කට පරිස්සම් කරගෙන තාත්තාගේ කතාව කීම, සැබෑ අපරාධකාරයන්ට විශාල හැංගීම් මධ්‍යස්ථානයක ඉඩ සකසා දුන් ප්‍රකාශයක් වීම ඊට හොඳම උදාහරණයකි.ක්‍රීඩා පණතෙන්ම පටන් ගන්න.ක1ිකට්වලට වඩා ලෝකයට දැනෙන තැන් සහිත ක්‍රීඩා මේ පොළවේ සැඟවී තිබෙන බව අවබෝධ කරගෙන ක්‍රිකට් ඇමති කෙනෙක් නොවී ක්‍රීඩා ඇමති කෙනෙක් වෙන්න.ජාතික ක්‍රීඩා සභාව වැනි බලතලවලට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියල්ලගෙන් තෝරා ගත් කමිටුවක් ගෙන ක්‍රීඩාව ලෙස ක්‍රිකට් පමණක් වී ඇති පාර්ලිමේන්තුවද ලංකාවේ සමස්ත ක්‍රීඩාවට සම්බන්ධ කර ගන්න.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan