රුසියාවට ඉඩක් නෑ. ෆින්ලන්තය රුසියානු දේශසීමාවේ අවසන් මුරපොලද වසා දමයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හෙට(30) සිට ෆින්ලන්තය රුසියානු දේශසීමාවේ අවසන් මෙහෙයුම් මුරපොලද වසා දමන බව දනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවද, සති දෙකකට Nato සංවිධානයට අයත් ෆින්ලන්තය නැගෙනහිර දේශසීමාවද සම්පූර්ණයෙන්ම වසා දමන බව සඳහන් වේ.

රුසියාව විසින් මිනිසුන් පොළඹවමින් කටුක ශීත තත්ත්වයන් යටතේ ෆින්ලන්ත දේශ සීමාවට සංක්‍රමණිකයන් යොමු කරන අතර, ෆින්ලන්තය මෙම සංසිද්ධිය අවසන් කිරීමට තීරණය කළ බව, ෆින්ලන්ත අග්‍රාමාත්‍ය Petteri Orpo නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Petteri Orpo

මේ අනුව, ෆින්ලන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. පින්ලන්තය සතු අවසාන මුරපොලද නොවැම්බර් 30 මධ්‍යම රාත්‍රියේ වසා දමන අතර නැගෙනහිර දේශසීමාවද දෙසැම්බර් 13 දක්වා වසා තබන බවයි,

ලොව පුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...

ටැන්සානියාවට ඇඳිරි නීතිය: අන්තර්ජාල සබඳතාද අවහිර කරයි.

රෂිකා හෙන්නායක 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දින 3ක් පුරා...

අලුත් නියෝජ්‍ය ඇමතිලත් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි!

කොළඹ LNW:මෑතකදී පත් කෙරුණු නියෝජ්‍ය අමාත්‍යවරුන් හය දෙනාද පාර්ලිමේන්තු...