*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

තරුණියක් අපයෝජනය කළ ගුරා සිර කුටියේදී ගෙල වැළලාගෙන!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉතා සූක්ෂම අයුරින්, අසනීප තත්වයකට ප්‍රතිකාරයක් ලෙස ශාන්තිකර්මයක් සිදුකල යුතු බවට පවසා නිවසට ගෙන්වා ගත් තරුණියකට ලිංගික අපයෝජනක් සිදුකල බවට චෝදනාවක් මත අත් අඩංගුවට ගෙන සිර මැදිරිය තුල රදවා සිටි සැකකරුවකු, නූලක ආධාරයෙන් සිර කුටියේ දොරෙහි හරහට සවිකර තිබූ යකඩ පටියක එල්ලී ගෙල වැළලාගෙන මිය ගොස් ඇතැයි අතුරුගිරිය පොලීසිය කියා සිටී.

මෙලෙස මියගොස් ඇත්තේ හෝමාගම පනාගොඩ රොමියෙල් මාවත පදිංචිකරුවකු වන 54 හැවිරිදි දෙදරු පියෙකු වන වත්තක මුරකරුවකු ලෙස සහ යකදුරෙකු ලෙස රැකියාව කල පුද්ගලයක් බව තොරතුරු හෙලිවී ඇත.

මිය ගිය පුද්ගලයා විසින් ලිංගික අපයෝජනයක් සිදුකල බවට හෝමාගම පනාගොඩ මාදෙනියවත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 19 හැවිරිදි තරුණියක විසින් සිදුකළ පැමිණිල්ලක් මත අතුරුගිරිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් සැකකරු අත් අඩංගුවට ගෙන රැගෙනවිත් පොලිස් සිර මැදිරිය තුල රඳවා තබා සිටියදී මෙලෙස සිය දිවි නසාගෙන ඇති බවද පොලිසිය පවසයි.

එම පුද්ගලයා හැද සිටි කලිසමෙහි තිබූ නූලක් උපයෝගී කර ගනිමින් මෙලෙස සිර මැදිරිය තුලදී ගෙල වැළලාගෙන ඇති බවත් එම අවස්ථාවේදී සිර කුටිය තුල තවත් සැකකරුවන් දෙදෙනකු සිට ඇති බවත් පොලිසිය කියයි.

එම අවස්ථාවේදී ම ගෙල වැළලාගත් නූල කපා දමා 1990 ගිලන් රථයකින් හෝමාගම මූලික රෝහලට ඇතුලත් කල ද ඒ වන විටත් මියගොස් සිටි බවද අතුරුගිරිය පොලීස් තොරතුරු වලින් අනාවරණය වේ.

පැමිණිල්ල සිදුකල තරුණිය හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇති බවත් එම තරුණියට තිබෙන අසනීප තත්ත්වයක් සඳහා යාගහෝම මගින් ප්‍රතිකර්මයක් සිදු කිරීමට අවශ්‍ය බව පවසා එම තරුණිය මිය ගිය පුද්ගලයාගේ නිවසට රැගෙන විත් සිටියදී මෙලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඇතැයි ද මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කරයි.

මියගිය පුද්ගලයා සිය බිරිද සහ දරුවන් සමග නිදා සිටි අවස්ථාවේදී ඒ අසලම නිදා සිටි බව කියන අපයෝජනයට ලක් වූ තරුණියට මෙම ලිංගික අපයෝජනය සිදු කර ඇති බවත් පොලිසිය තොරතුරු වාර්තා කරයි.

සිද්ධිය වූ අතුරුගිරිය පොලීසියේ සිර මැදිරිය තිබෙන ස්ථානයට පැමිණි කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය විසින් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු සිදු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරද ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan