දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති තනතුරට !

Date:

වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව අද (29) දිනයේදී පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා COP 28 සමුළුව සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය කරා පිටව යාමට පෙර මෙම පත්කිරීම සිදුකෙරෙනු ඇති බව සඳහන්.

මේ වනවිටත් ඊට අදාළ කටයුතු ජනාධිපති කාර්යාලයේ සිදුකෙරෙමින් පවතින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

දේශබන්දු තෙන්නකෝන් මහතාව පොලිස්පති තනතුරේ ස්ථිර කිරීම මාස 3කින් පසුව සිදුකෙරෙනු ඇති බවත් වාර්තා විය.

මේ අතර, පොලිස්පති වශයෙන් පත්වන නිලධාරියාගේ ධුර කාලය උපරිම වශයෙන් අවුරුදු 3 කට සීමා කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව, පොලිස්පති තනතුරට පත්වන නිලධාරියාට එදින සිට වසර තුනක් තුළ වයස අවුරුදු 60 සම්පූර්ණ නොවන්නේ නම් ඉහත තීරණය එම නිලධාරියාට අදාළ වනු ඇත.

දැනට පොලිස්පති තනතුර සඳහා ජ්‍යේෂ්ඨත්වය අනුව ඉහළින්ම සුදුසුකම් ලබා සිටින ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොල්ස්පතිවරුන් බහුතරයක් 50 වැනි වියෙහි පමණ පසුවෙති.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...