කෝපි වලින් ඩොලර් හොයමු!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2024 වසර තුළ හෙක්ටයාර් 400ක කෝපි වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය තීරණය කර ඇති බව සඳහන් වේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ,මේ සඳහා රුපියල් මිලියන 400ක මුදලක් අයවැයෙන් වෙන් කර ඇති බවත්, දැනට මෙරට කෝපි වගාව ප්‍රධාන වැවිලී බෝගයක් ලෙස වගා නොකළත් කෝපි සම්බන්ධව විදේශ වෙළෙඳපළේ ඇති ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් කෝපි වගාව නැවතත් වැවිලි බෝගයක් ලෙස ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි.

අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙන්නේ , හෙක්ටයාර් එකකට රුපියල් මිලියනයක මුදලක් ලබා දෙන අතර කෝපි වගාව සඳහා උනන්දුවක් දක්වන ගොවීන් ඊට යොමු කර ගැනීමට පියවර ගන්නා ලෙසයි.

මෙරට කෝපි වගාව සඳහා විශාල ප්‍රසිද්ධියක් උසුලන අතර Coffea Arabica (අරාබිකා කෝපි), Coffea Canephora ( රොබස්ටා කෝපි) , Libarica (ලයිබරිකා කෝපි) යන විශේෂ වගා කෙරේ. මේ අතරින් අරාබිකා කෝපි ඉතාමත් ජනප්‍රියම කෝපි විශේෂය බවත්, එම කෝපි වගාව සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙසත්, අමාත්‍යවරයා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.

අරාබිකා කෝපි විශේෂයට අයත් නව ප්‍රභේද කිහිපයක් මේ වනවිට වගාකරුවන්ට හඳුන්වා දී ඇති අතර ඒවා HTD, S09, කැටිමූර්, ලක්පැරකුම්, ලක් සවිරු සහ ලක් කොමලී ලෙස නම් කර ඇත. මෙම ප්‍රභේද වැඩිම අස්වැන්නක් ලබා දෙන ප්‍රභේද බවද සඳහන් වේ.

මීට අමතරව රොබස්ටා කෝපි විශේෂයට අයත් දේශීය විශේෂ කිහිපයක ද හඳුන්වා දී ඇති අතර ඒවා IMY, S274, GCR, CCI, ලංකා චන්ද්‍ර, ලංකා බිම්සර සහ ලංකා ඉසුරු යන ප්‍රභේදයන් වේ.

අයවැය මගින් 2024 වර්ෂය සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 96ක මුදලක් වෙන් කර ඇති අතර , එම මුදල් කාර්යක්ෂමව හා ඵලදායීව යොදා ගැනීම සම්බන්ධව පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පවසා ඇති බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළොන්නාව සභාවේ මාලිමාවට සහය දැක්වූ සජබ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ සභාපති සහ උප සභාපති පත්කිරීමේදී...

කොළොන්නාවේ සභාපති පත්කරගැනීමත් උණුසුම් – සමඟි මන්ත්‍රීගේ සහයෙන් බලය මාලිමාවට!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව...

ගාසා තීරයේ ආධාර පතා ගිය වැසියන්ට ඊශ්‍රායල හමුදා විසින් ප්‍රහාර!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : ගාසා තීරයේ ආධාර...

ව්‍රායි වැඩ අරඹයි!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ 26 වැනි නගරාධිපතිනි ලෙස...