*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

ඉතුරු වූ සතුටු ඩිංග උතුරන්නම පුරවන චමරි

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් මේ මොහොතේ සතුටුදායක පුවත්මවන එකම ක්‍රිකට් චරිතය චමරි අතපත්තු ය.ඇය සම්බන්ධ අලුත්ම සතුටුදායක ප්‍රවෘත්තිය වි ඇත්තේ මේ මොහොතේ ක්‍රියාත්මක බිග්බෑෂ් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ඇය නම් කිරීමය.පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දැක් වූ සුවිශේෂි දක්ෂතා සළකා ඇයට මෙම කිරුළ උරුම බව තීරණය කරන්නට බිග්බෑෂ් තරගාවලියේ තරගාවලියේ වීරයා තෝරන කමිටුව තීරණය කර ඇත.


ඇය 42.46ක සාමාන්‍යයක් සහ 127.18 පහර වේගයක් සහිතව ලකුණු 552ක් ලබාගෙන තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වූවාය. ඇය 27.22 ට කඩුලු 9 ක් සහ 6.83 ක ඔවරයකට සාමාන්‍ය ලකුණු වේගයක් ද ලබා ගෙන ඇති අතර, සිඩ්නි නගරයම කේන්ද්‍ර කරගෙන ඇති සිඩ්නි සික්සර්ස් සමඟ ඇයගේ ආරම්භක සිය පිට දඟ පන්දුවෙන් ලකුණු 20 කට 3 ක් ලබා ගත්තාය. බ්‍රිස්බේන් හීට් වෙතින් ලකුණු 44ක පරාජයකින් දිඩ්නි තන්ඩර් ඉවත් වූ ඉවත් වූ තරගයේදී ඒ දක්වා ඇය දක්වා තිබූ දස්කම් සැළකිල්ලට ගෙන මෙවර බිල්බෑෂ් තරගාවලියේ වීරයා බවට චමරි පත් වූවාය.ඇය මුහුණ දුන් අවසාන තරගයේදී ද පන්දු 40කදී ලබාගත් ලකුණු 41ක් හරහා ඇය නොනවතින් ප්‍රචණ්ඩතාරී කරදරයක් බව පන්දු යවන්නන්ට සහ පන්දු රකින්නන්ට යළිත් සිහිපත් කර දෙන්නට සමත් වූවාය.


තරගාවලිය ආරම්භයේදීම ඇය මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් වෘත්තීමය කාන්තා ක්‍රිකට් තරග සංවිධානය කරන්නන් ට ඇයව සිය කණ්ඩායම් වෙත තෝරා නොගැනීම ගැන විරෝධය දැක් වූවාය.ඇය සිය දස්කම් පිළිබදව හේතු ඇතිව පැහැදිළි කළාය.ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ජාත්‍යන්තර පිටියේ ලැබෙන තරගවල අඩුවක් දකින්නට තිබෙන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් එය වෙනස් කිරීම සඳහා පසුගිය කාලයේ යම් සාධනීය උත්සාහයන් ප්‍රමාණයක් ගත් අතර ඒ නිසාම චමරිගේ අඛණ්ඩව කතා කරන පිත්ත ප්‍රතිවාදීන්ට නොසෑහෙන පරිදි රිදෙව්වාය.ඒ නිසාම ඇය මේ වසරේ මැද භාගයේදී අංක එකේ එක්දින පිතිකාරිණිය වූ අතර දිගටම එම කිරුළ දරා ගෙන ඉන්නට තරග හිඟකම නිසා නොහැකිව ඇය නිතරගව මේ මොහොතේ තෙවැනි ස්ථානය දක්වා පහත පැමිණ ඇත.


ලංකාවේ බොහෝ ක්‍රීඩාවන් බලධාරීන්ට නොපෙණෙන අතර ක්‍රිකට් පමණක් පෙනීම ක්‍රීඩාමය නැග්මක රට නොමැතිවීමට හේතුවකි.ඒ නිසා ක්‍රිකට්මය පරාජයන්වලදී සහ ජයග්‍රහණවලදී දුක සහ සතුට දරා ගෙන ඉවසන්නට සිඳු වන ක්‍රීඩාමය සමාජයක් ඇතුළේ දිගට සිතා බලද්දී පිරිමි ක්‍රිකට්වලට ඇති සැළකිල්ල කාන්තා ක්‍රිකට් කෙරෙහි නොමැතිවීම හොඳින් පැහැදිළිය.ක්‍රිකට් පරිපාලනයේ දී කාන්තා ක්‍රිකට්වල නැග්ම හෝ බැස්ම කාගෙවත් දෝෂාරෝපන්‍යට ලක් නොවන්නේ එබැවින්ය.එහෙත් චමරි ඇතුළු කණ්ඩායම සිය දක්ෂතාවලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඇගයීම් ප්‍රදානය ගැන තීරණය කළ හැකි ගෙවිම් ආදිය සම්බන්ධයේදී මේ වන විට ක්‍රීඩකයින් හා සම තත්ත්වයට ඔසවා තැබීම ගැන ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් වන කතා බහේදී ඇගයීමක් ලබන්නේ නැත.මෙය ද ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව හැමූ දේශපාලන කුණාටුවේ දී අවධානයට නොගත්තේ එබැවින් විය යුතුය.


එසේ නොවන්නේනම් පිරිමි ක්‍රිකට්වල වැටීමට සාපේක්ෂව කාන්තා ක්‍රිකට්වල නැග්මද අදහස් අතර තිබෙන්නට තිබිණ.පිරිමි ඔළුවලින් හිතන ක්‍රික්ට ඔළු කේන්ද්‍ර වන්නේ පිරිමි ක්‍රීඩාවන් ගැන කතා කිරීමට විනා,දේශපාලන ඇඟිළි ගැසීම්වල සීරීම් ලකුණු නැති කාන්තා ක්‍රිකට්වල ප්‍රගතියක් ඇත්නම් එහි වටිනාකම් පරිපාලනයට ලබා දෙන්නට උත්සාහ ගත්තේ නැත.


කෙසේ වුව මේ මොහොත වන විට පොදුවේ ලංකාවේ ක්‍රිකට්වල ඉතුරුව ඇති විනෝදාත්මක සළකුණ වි ඇත්තේ චමරි පමණකි.ඇය මේ බිග්බෑෂ් සූරතාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වී තරගාවලියේ වීරවරිය වීම ඒ ඉතුරුව තිබුණ සතුටු ඩිංග උතුරන්නටම ගලා යාමක් ලෙස හැඳින්විය හැකිය.මේ ඉතුරුව ඇති ඩිංග රැක ගන්නා අතරේම නව දේශපාලන නායකත්වය ක්‍රිඩාවට සමීප විය යුත්තේ මෙය ජනතාවගේ හදගැස්ම මත සතුට අතුරවන මාධ්‍යයක් ලෙස සළකා ජනප්‍රිය තීරණවලින් සැරසීමේ අරමුණෙන් නොවී,ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩාවට යළිත් ගුණාත්මක මට්ටමක ගලා යාමක් ඇති කිරීම ගැන සියලු පාර්ශව එක මේසයකට ගෙනවිත් සාකච්ඡා කිරීමේ අරමුණ ඇතිවය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan