*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

පාඨලීගෙන් බදු ගැන විශේෂ හෙලිදරව්වක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (29) දින පාර්ලිමේන්තු සැසිවාරයට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියේ, ආදායම් වියදම් පියවා ගැනීම සඳහා මෙවර අයවැයෙන් නිශ්චිත ක්‍රමවේදයක් යෝජනා කර නොමැති බවත්, එසේ ආදායම් වියදම් පියවා ගැනීම සඳහා තවදුරටත් බදු දැල පුළුල් කිරීමට සිදු වන බවත්ය.

මන්ත්‍රීවරයා එහිදී පැවසූවේ, වැට් බද්ද 03%කින් වැඩි කිරීමට නියමිත බව මුදල් අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය අයවැය කතාවේ සඳහන් කර ඇති බවත්, පෙට්‍රල්, ඩීසල්, පොහොර, කිරි, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් මෙම නව වැට් බද්ද සඳහා අන්තර්ගත වන බවයි.

අතිරේක වශයෙන් දළ දේශිය නිෂ්පාදනයෙන් 2.1%ක් එනම් රුපියල් බිලියන 600කට අධික ප්‍රමාණයක් මෙම බදු හරහා අය කර ගැනීමට නියමිත බව ද, ඒ අනුව එක් පුද්ගලයකු ගෙන් පමණක් වැට් බද්ද හරහා රුපියල් 30,000ක මුදලක් රජයට අය කර ගැනීමට අවශ්‍ය බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

දැනට ද ඉතා අපහසුවෙන් ජීවත් වන මහජනතාවට මෙසේ භාණ්ඩ හා සේවා මත අය කරන බද්ද වැඩි කිරීම දරා ගැනීමට අපහසු තත්ත්වයක් වනු ඇති බව ඔහු අවධාරණය කළ අතර, බැංකු පද්ධතිය ප්‍රතිප්‍රාග්ධනකරණය සඳහා බිලියන 450ක අවශ්‍යතාවක් ඇති බව ද මන්ත්‍රීවරයා පවසයි.

මහජන බැංකුවට හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවට පැහැර හරින ලද ණය පිළිබඳවද විශේෂ හෙලිදරව්වක්ද සිදු කළේය.

එහි අක්‍රීය ණය ප්‍රමාණය බිලියන 700ක් වන බව ද , මෙම ණය මුදල් අය කර නොගෙන මහජන බදු හරහා බැංකු ප්‍රතිප්‍රාග්ධනකරණය කිරීම ඉතා අයුක්ති සහගත බව පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

බැංකුවල අක්‍රීය ණය ලැයිස්තු තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සිටින බව චම්පික රණවක මහතා සඳහන් කළ අතර, එම ලැයිස්තු ඉදිරිපත් කරන ලෙස අදාළ බැංකුවලින් රජයේ මුදල් කාරක සභාව ඉල්ලීමක් කර ඇති නමුත් එය ඉදිරිපත් කිරීමට බැංකු අසමත් වී ඇති බව ද , ඔහු අවධාරණය කළේය.

රණවක මහතා සඳහන් කරන්නේ, එම ලැයිස්තුව ඉදිරිපත් කළ හොත් දූෂණය ගැන, නීතිය හා සාමය ගැන, අයුක්තිය, අසාධාරණය ගැන කතා කරන බොහෝ දෙනා ගේ රෙදි ගැලවෙන බවයි.

බැවින්, රජය කළ යුත්තේ, අක්‍රීය ණය අය කර ගැනීම සඳහා සක්‍රීය වැඩපිළිවෙළක් යෝජනා කිරීම මිස මහජනතාව ගෙන් බදු අය කර ගැනීම නොවන බව මන්ත්‍රිවරයා පැහදිළි කරමින් කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan